එමතුද?
ලෙලෙනා ගුරුළු දද මුළු වෙත ඇති අගළ
දියෙනා පෙනෙන සේ වුරු සේයා සලෙළ
නුබිනා ගුරුළු මුළු දුර දැක බියෙනි'ගිළ
නතනා ගමන් අඑඹන වැනි සයුර තුළ
පුර'ඟන සරන වර මිණි නිල් සඳලුතෙලේ
වැකි ලතු පද ලසින් රැවටුණු බමර වැලේ
දැක දැක තඹරන්ම මේ පුර ගෙදිගු විලේ
තම තුඩ නොලත් එහි මිහි ලොලිනි කිසි කලේ
පැහැසර පැපැ සියුමැලි තුනුවගේයා
රඟ දෙන නළඟනන් මිණි බිතු ළඟේයා
පිළිබිඹු සෙයින් සැදි සිට එහි රඟේයා
අඩු වැඩි සුරඟනෝ උගනිති හැඟේයා
රනලිය බඳ බඳ පුර යෝනන් වතිනි
පැරැදැ'ම සඳ සඳ මතු දිනනුව තැනිනි
පහ අග දද දද ගෙන ගෙන පවන'තිනි
ලප පිරි මැද මැද හරනෙව් සිය ගතිනි
නිල් මිණි මැඳුරෙහි සි මැඳුරත සැපත
කල් බඳ සොඳ වත දකිමින් මතඟ මත
පුල් පියුමෙකි කුහුලින් දිගු කරත අත
තුල් රහු වැනි සිසි ගැනුමට ගමන් ගඟ
මහත රසොත පැනසර කිවි දනා බස
නුමුත සතන නන් දෙසිනා දනා රැස
බලත වනත මෙනුවර සිරි මනා ලෙස
කෙවත දියත සුරනත අනත නා මිස
විසේස වන විකුමෙන් බාසුරු කෙසර
ලෙසේ අසුර ගජ දප් බිඳුමෙහි ළතර
තොසේ උපුල්වන් සුරනිඳු තුම මෙපුර
වෙසේ නිතර පුරඳුරු මෙන් තිදස පුර
මිතුර, මේ සුරිඳුගේ වෙසෙස අස
මෙරද තෙදග රුපු රළ හද තුළේ වැද
දිලි සිළුමිණි ලෙසිනි'ස පෙනුණේ මතුද
ඇවිල ගොසින් උන් අඹුවන්ගෙද ළමැද
පෙනිණි නුවන රත තර ලෙසිනි විනිවිද
![](/sayura/images/logo2.png)