සැරද තිසරිඳු සඳ - සඳ වන් සරා සිරිනද
නඳ නෙත් සොඳුරු විලසින් - විලසින් සත් පිනවමින්
සතත ගත පැහැයෙන - තරමැති නමැති ම මිතුර
සරා සෙමෙර යය - :ඟ නොම වුද සරසවි
දෙවි ලොවිනෙ'න අම පිඩෙකැයි සත පිනිති
ලෙවි තොප දැක වට නොකොළෝද සඳෙකිනි
උයනින් නඳුන් ගිලි මල් කැනෙක වි හැඟ
සොබමන් තදැක නුවුද සිද'ඹුවෝ ළඟ
ගමනින් දුකෙක් නොවිද කිසි අතර මඟ
නුවනින් ලබන ලබ නම් දැකුමමයි තග
මෙයිදු සවනතෙයි සද
උදේ පටන් දිවයුරු සහ නොපසු බැසේ
තදේ වෙයින් දිව දිය රැගෙන ලෝ කුසේ
බදේ පසිදු විය සිය කුල තුමෙක් මෙසේ
යෙදේ තොපද පුවතර වුවොහොතින් එසේ
පීනු මිස සයුර පෙර වඳුරෙකු බෙලෙනි
පීනු කෙනෙකැද්ද අන් එකුලෙන් දෙවෙනි
දිනූ එසත් සරහුද නොකියා එයිනි
දනු හස කළැ'කි දෙය කියව සබදිනි
තවෙස් පමණ ගත් ලිය පියවුරහු පවා
කෙලෙස් වසඟ සත තම නතු බවට එවා
සතොස් කෙරෙති නිති දුටු මෙන්ම අමුතුවා
වෙසෙස් තොපට බැරි දෙයකැ'ද්ද මේ ලොවා
සතුටු කළ මන තඹුරු මිතුරු'යුරු මිතුරු සඳ
සසද ලෙස සසඳවමි, මෙසඳ මා කරනු කිම යත්
තුඟු මනරම්බා බෙලෙන'දහස ලෙස්න
රැක දෙරණම්බා දැතිගමි පුර දිස්න
ඉම් පැරකුම්බා නරනිඳුහට තොස්න
මමිතුර මි බා දන්වව මේ හස්න
රස නුසුන් හසුන් මතු කියමි. ම මිතුර, තොප නිකුත් වන, සවි ඉසුරු නුමුත් වන, පුර පවර පසස්නා වදන්, දැන් තා සවන් මිණි බරණ සඳ
බැඳි මිණි කිකිණි දැල් මුතු ලැල් පා රැසිනි
රැඳි රන් රුවන් සල්පිල් කෙළි තුරු ගොසිනි
ඉදි ගුණ නුවණ කුල'ඟන සුදනන් විසිනි
සැදි දෙවි නුවර සිරිසර බල සහතොසිනි