නාට්‍යය අංක 9
 

(බිසව කඩුව ඕනෑකමෙන්ම දෙන්නේ වැදි රජුටය. මනමේ රජු කපා බිම හෙළනු ලැබේ. බිසව වැදි රජු දෙස ආදරයෙන් බලමින් ඔහු පසුපස යයි. රජු බියවෙයි. ඒ ඒ යයි කිය කියා වටේ දුවයි.)


වැදි රජු : මම හිතුව මේ මිනී මරා දාපු තැන අවතාරයක්වත්ද කියල.
බිසව : (කොමළ පාමින් ළංවී) ඇයි අඳුරන්න බැරි වුනාද මාව?
වැදි රජු : අනේ මේ අඳුනගත්ත. දැක්කත් ෂන්තෝෂයක්. දැකීමත් ප්‍රීතියක්.
බිසව : කොහොමද රජ්ජුරුවන්ට හරියට හයිය තිබුණද?
වැදි රජු : බොහොම වීරියවන්තයි.
බිසව : ඒක තමයි මට දුක හිතුනා මයාගෙ අතින් අදින කොට. ඒකයි කඩුව දුන්නෙ. ඔයි මම කන්න දීපුවයි හයිය තමා.
වැදි රජු : ඉතින් ඇත්තට මොනවද කන්න දුන්නෙ. ඔච්චර හයිය ඇති වෙන්න
බිසව : මොකුත් අමුතු දෙයක් දුන්නේ නැහැ. මගේ අත් දෙකෙන් කන්න දුන්නොත් එහෙම තමයි.
වැදි රජු : මේ මට දුන්නත් ඒ වගෙයි.
බිසව : ඔව් ඉතින් දැන් යමු යන්න
වැදි රජු : කොහේද?
බිසව : ඇයි ඕගොල්ලන්ගෙ මාළිගාවට
වැදි රජු : හා හා එහෙනන් අපි යාම කරමු.


ආදර ප්‍රේම දායාද වූ කෙනෙකි ඔබ මට බොලන්-මහ සාගර වැනි මෙගඟෙන් යන්නේ කෙළෙසද කියන්//
පැහැදුල වෙයි ගඟ එගොඩ කරල එමි සහතිකෙන්-මට ආදර තිබේද කිය දැන්නුව හොඳයි දැන්//


බිසව : මොකද්ද ගඟකින් එගොඩ වෙන්න ඕනයි කිවුවේ?
වැදි රජු : මේ ගඟක් තියෙනවා නේ යන පාරේ. මාළිගාව තියෙන්නේ දුර. අර හැතැප්ම ගාණක් අෑත. පේනව නේද අර දුර ලාම්පුවක් තියෙනව. අර පේන්නෙ.
බිසව : මේ ළඟ නොවේද?
වැදි රජු : නැහැ නැහැ බොහොම දුරයි.
බිසව : එහෙනන් අපි යමු යන්න.
වැදි රජු : මාළිගාව තියෙන්නෙ කෙළවරේ. අපි මේ ඉන්නෙ වනන්තරේ මැද හරියෙ. මේ වනන්තරේ යොදුන් පන්සියයක් නේ
බිසව : ඉතින් ඒක හරි.
වැදි රජු : ඉතින් යනව නම් අපි කතාවක් කරගන්න එපැයි. යනව නම් අපි දැනගන්න එපායැ යන විදියක්. මේ ගඟේ ඉන්නව, භයානක මිනීමෝරු ඉන්නව. කිඹු‍ල්ලු ඉන්නව. ඒ වගේම දෙන්නෙකුට එක පාරෙ යන්නත් බැහැ. මම එන්නෙ ඔරුවෙ නේ.


බිසව : ඉතින් යන්න කොහොමද?
වැදි රජු : යනව නම් යන්න ඕන මම ඉස්සෙල්ලා. කුමාරි හාමිගෙ ඇඳුම් ටික මට දුන්නට පස්සෙ ඒ ඇඳුම් ටික එගොඩහ ගෙනිහින් තියල ඇවිල්ල ඊට පස්සෙයි කුමාරි හාමි ගෙනියන්න ඕන. එහෙම නැතිව කුමාරිහාමියි කුමාරිහාමිගෙ ඇඳුනුයි කුමාරිහාමියි දෙන්නෙක් එක්ක යන්න බැහැනේ. ඒ කියන්නෙ කිමාරිහාමිගෙ ඇඳුන් බොහොම බරයි නේ? එතකොට තුන් දෙනෙක් වෙනව නේ.


බිසව : අනේ මම දන්නෙ නැහැ (අඬයි)
වැදි රජු : නාඩ ඉන්නකෝ මම එන්නම්.
ඉතා ගුණැති සෙනෙහසයෙන් මගෙ දිවි ගලවා දුන් ළඳ පතා ඉඳිමි වෙන් නොව කල් කර එන ලෙසින් ගතා පැළඳි අබරණ එගොඩ කර ගංතෙරින් මගෙ පුතා පල්ල එමි රධගෙන යන්ඩ නුඹ සහතිකෙන් මොකද කිමාරිහාමි අහක බලාගෙන ඉන්නෙ?


බිසව : එහෙම තමයි.
වැදි රජු : ඇයි මම සහතික වුණා නරකද?
බිසව : මම කර ගත්තු දෙයක් කියල මම හිතන්නෙ.
වැදි රජු : අඬන්නෙපා අඬන කොට මටත් ඇඬෙනවා. අපි තනිවෙලා ඉන්න අවස්ථාවෙ.
බිසව : මේ පවුල්කාරයෙක් නේද?
වැදි රජු : මමද? මගේ ඒ අර මගේ පුතාපල්ල කිවුව එක ගැනද? නැහැ නැහැ ඒ මගේ මල්ලිගේ පුතා.
බිසව : අනේ මට හිතෙන්නෙ නම් පවුල්කාරයෙක් කියලා.
වැදි රජු : නැහැ. නැහැ. මම පවුල්කාරයෙක් නෙවෙයි.
බිසව : ඔයි ඇත්තෙයි. බොරු කියන්න එහෙම එපා.
වැදි රජු : මම බොරු කියන්නෙ නැහැ කවදාවත්.
බිසව : එහෙනන් අපි දෙන්නම යමු.
වැදි රජු : බැහැ. බැහැ. ඔයි ආබරණත් එක්කල යන්න බැහැ. බොහොම බරයි. ඒවගේම බොහොම විසකුරු සර්පයෝ ඉන්නව.
බිසව : විසකුරු සර්පයෝ කොහෙද ඉන්නෙ?
වැදි රජු : නැහැ. නැහැ. මට වැරදුනා. විසකුරු සර්පයො ඉන්නෙ කැලෑවේ. මේ ගඟේ ඉන්නෙ විසකුරු දැතිමෝරු බොහොම විසයි. කිඹුල්ලු ඉන්නවා. මට යුද්ධ කරල බොහොම අමාරුයි. මම ගඟෙන් එගොඩහ ආභරණ ටික තියල ඉක්මනට එන්නම්.


වාදකයෝ :


යාම ලෙසට බිසවුන් පැළඳි අභරණ
කොළ වැල් පැලඳ ගලවා අතට ගනිමින
නොයා නොවී බිසවට වින කරන
ගියා වැදි රජුන් යළි නොම එන ලෙසින

(c) Shilpa Sayura Foundation 2006-2017