(දෙටු ගොස් එකිනෙකා ඔසවා ගෙන වෙස් අත්ත ළඟට ගෙන යයි. එතැනදී නැගී සිටි ඒ ඒ තැනැත්තා නැගිට පැන දුවයි. ප්‍රේක්ෂකයෝ සිනහසෙති. වැදි රජු පැමිෙණයි. තමා පිරිස අවට නැති බව දැනගනියි)
වැදි රජු : (මනමෙට) තමා යුද්ධ කරල ඉවරද?
මනමේ : ඔවි
බිසව : කෝ තමන්ගේ සෙනඟ
වැදි රජු : සෙනඟ ඉවරයි.
මනමේ : ඒ ගොල්ලො ඉවර තමා.
වැදි රජු : එහෙනන් තමා යුද්ධ දක්ෂයෙක් නේද?
මනමේ : ඔව්. මොකෝ කියන්නේ?
වැදි රජු : තමාගේ කල්පනාව මොකද්ද?
මනමේ : එන ඕන කෙනෙක් එක්ක යුද්ද කරනවා.
වැදි රජු : තමන් කැමතියි යුද්දෙට?
මනමේ : ඔවි
වැදි රජු : එහෙනන් තමන් දුනු වලින් යුද්ද කරනවා.
වාදකයෝ කවි ගයති :
ගුණෙන් උතුම් නරනිඳු සමඟ යුදයට
ගණන් නැතිව වැද්දෝ ආවා යුදට
විකුන් බෙලෙන් ඒ උන් පිරිස සුන් කොට
රජුන් දෙදෙන සබයට බැසපු යුදයට
(දෙදෙනා දෙපැත්තේ සිට දුනු ගෙන යුද්ධය කරන අාකාරය පෙන්වති. බෙර වාදනය වෙයි.)
බෙර වාදකයෝ ගයති.
දෙදෙනා යුදෙන් දෙදෙනගෙ ඇඟ හා නොවැඳ
සරොස සිතින් දුනු හී බිම ගසා සොඳ
වැර බලයෙන් නසමැයි වැදි රජුන් අද
පොර බදමින් රජු දෙදෙනා රොසින් තද
(දෙදෙනා දුනු ගලවා බිම තබා ඊතල මිටිය බිම තබා අත්වලින් පොර බඳන්නට සැරසෙති)
වැදි රජු : දැන් මොකද වුණේ? දෙන්නගෙම දුනු ශිල්ප එක වගෙයි.
මනමේ : දැන් මොකද කල්පනාව?
වැදි රජු : දැන් එහෙනන් කඩුවෙන් (කඩු සටන පටන් ගනිති)
වැදි රජු : කඩු සිල්පත් එක වගේම තමයි. දැන් මොකද කරන්නේ?
මනමේ : ආයුධ ඉවරයි නේද? දැන් අපි අපේ ශක්තියෙන් සටන් කරමු.
වැදි රජු : ඒවා හොඳ වැඩ
(දෙදෙනා පොර අල්ලති. බෙරය වාදනය වේ. උච්ච අවස්ථාවට පත් කල වැදි රජු බිම දමා යට කර ගෙන තම බිසව දෙස බලා ඇගේ අතේ ඇති කඩුව ඉල්ලීමට කවිය කියයි)
වැරෙන් සිටිය වැදි රජු හෙළා යට කර ගතින් -මට
විකුන් බලය මගෙ නොදත් සෙයින් පැව ආව දැන්
උතුන් ගුණැති මගෙ දිමුතු කුමරි මා දෙස බලන් -මට
දියන් කඩුව මගෙ කුලල කපා ලන්නට මෙදැන්