නාට්‍යය අංක 6
 

බෙර  වාදකයන්ගේ තානම : තාන තනෙන තම්///තානෙනා


වැදි රජු : දෙටුවා මේ ගොල්ලා කියනවා වනේ වසන වැදි කොල්ලොයි කියලා.
දෙටු : වැදි කොල්ලො කියල
වැදි රජු : හා හා වැදි කොල්ලො කියල. එයාගෙ හිතේ ඇති අපේ වනාන්තරයට ඇවිල්ල අපිටත් වැදි කොල්ලො කියල
වැදි රජු : පන්සියයක් මේකෙ වටේ මුර කරනවා
රජු : ඒව දන්නෙ නැතුව ඇති
වැදි රජු : අද ඉතින් ගිහිල්ල ඉවරයි
මනමේ : නොයයි කියල තමයි බය
වැදි රජු : එහෙම නෙවෙයි තමාට මම නැවත වරක් කියනවා.
මනමේ : මොකද්ද කියන්නෙ
වැදි රජු : පුලුවන්නම් ඉක්මන් කරල වනාන්තරයෙන් පිටවෙලා යන්නෙයි කියලා.
මනමේ : යන්නෙයි.
වැදි රජු : ඔව්.
මනමේ : අද ඕනකමකටද?
වැදි රජු : ඔව්.
මනමේ : දැම්මම?
වැදි දෙටු : මේ ලාබාල කමට මන් හිතන්නේ (මනමේ රජු වැදි දෙටුවාට කඩුව ඔසවයි. ඔහු අම්මේ කියා කෑ ගසයි)
වැදි රජු : (දෙටුවාගෙන්) තමා බය වුනාද?
දෙටු : මං මං කියන්න හැදුවේ මෙතෙන්ට ඇවිල්ල මේ නොදන්න කමට කෑගහනවා පිස්සෝ වගේ. තව බොහොම කාලයක් ඉන්න වාසනාව තියෙන දෙන්නෙක්.
වැදි රජු : හරි දෙටුවා. තව කාලයක් ඉන්න පුලුවන් දෙන්නෙක්. ඒක නිසා අපිට කනගාටුයි මේ දෙන්න අපේ අතින් මැරෙනවාට.
මනමේ : එහෙනන් අපි යන්නද?
වැදි රජු : පණ බේරගෙන යන්න හදන්නේ (ප්‍රේක්ෂකයින්ට) අරින්න තමයි මේ හදන්නේ. පණ බේර ගෙන උවන්න තමයි මේ හදන්නේ. අපි අපේ යුතුකම් ඉෂ්ට කරන්නයි හදන්නේ
දෙටු : ඒව සලකන්නෙ නැහැනෙ. මේ උදවිය, කිව්වට මොකද යනව නම් යනව බේරිල.
වැදි රජු : විපරිත බස් නොදොඩා යනු දිවි රැක ගෙන තමා. අද සපිරි සිතින් සිය පුරට යාම අනුමාන මා කුරිරු කරන පපු කුලලෙන් වෙන් කර දමා - අද කුමරි නුදුන්නොත් මරනෙමි තා සැණයෙන් මෙමා
බිසව : නිකන් හරියට වෙන්දේසියට තියපු බඩුවක් ඉල්ලනව වගේ නේ?
රජු : එහෙම නෙවෙයි. ඒ ගොල්ලන්ට යුතුකමක් තියෙනවා.
දෙටු : ඔව් යුතුකමක් තියෙනව. මමත් කැමතියි තව සැරයක් කියල බලමු.
රජු : මේ කුමාරයා ලාබාල කුමාරයෙක් තාම ඉගෙන ගත්තු ගමන්නේ. පිය රජ්ජුරුවොත් බොහොම කැමැත්තෙන් ඇතිනෙ බලාගන්න.
දෙටු : ඉගෙන ගත්ත විතරයි. තමන්ට සන්තෝසෙන් භාර දුන්නු ගමන්මනේ.
මනමේ : බැද්ද මැදට රජකන් කරනාහිවලෙකු ලෙසින් - බස සිද්ධ නොවෙයි මගෙ විකුම් බලය අහගනින් ඇද්ද තවත් රජ කුමරියො පාවා වැදි කොලුන් - අද යුද්ද කරල මිස කුමරි නොදෙමි මම සහතිකෙන්
වැදි රජු : දෙටුවා මෙයා කියනවා යුද්ද කරල මිසක් කුමාරිය දෙන්නෙ නැහැ කියලා. මට බොහොම කනගාටුයි.
දෙටු : දෙන්නෙ නැහැ කියල.
රජු : එහෙනන් තමන්ගෙ කල්පනාව යුද්ද කරන්නයි
රජු : එහෙනන් තමන්ගෙ කල්පනාව යුද්ද කරන්නයි
බිසව : අපි යමු යන්න.
වැදි රජු : හා යන්න පුලුවන් බලමු යන හැටි. එහෙම නෙවෙයි තමන් යුද්ද කරන්න කැමති නම් මගේ සේනාව පන්සියයක් ඉන්නවා.
මනමේ : ආ ඇත්තද? මම තනියෙන්. කමක් නැහැ.
වැදි රජු : ඒ පන්සියය එක්කම යුද්ද කරනවා.
බිසව : ඇයි අපි දෙන්නම ඉන්නේ.
වැදි රජු : එහෙම යුද්ද කරන එකයි තියෙන්නෙ, දෙටුවා
දෙටු : මන්දෝ.
වැදි රජු : තමා යුද්දෙට ලෑස්ති වෙන එකයි තියෙන්නේ. තමා කිසිදේකට බය වෙන්න එපා.
දෙටු : මං බය වෙන්නේ? (එහෙත් ඔහු අභිනය පාන්නේ මහත් බියකින් වෙළුණකු ලෙසය.) (මනමේ රජු දෙසට හැරී) ඔයි මාරකෙන් බේරිලා එහේ ගිහිල්ල පවුලක් කරගෙන ජීවත් වෙන්න බලනවා.
මනමේ රජු : (ඉදිරියට එමින්) තෝ මම තියන්නෙ නැහැ. (වැදි දෙටුවා බියවී වටේට දුවන්නට ගොස් මඳක් දුර ගොස් නවතියි)
බිසව : මොකද්ද අනේ මේ වෙන්න යන්නෙ? කුඩා කාලෙ ඉඳල ඔබ වහන්සේ අපේ පියතුමා ළඟ ඉඳගෙන ඉගෙන ගත්ත සංතෝෂයට ධනුද්දර කියල නාමයකුත් දීල මාව සරණ පාවා දීලා මේ ගමන එවුවේ. මේ යන අතර මඟදී හදිසි යුද්දයකට පැටලිලා.
මනමේ : ඉතින්
බිසව : මට කියන්නත් කනගාටුයි.
මනමේ : කියන්න.
බිසව : එහෙම වුනොත් මට ඔබ වහන්සේ නැති වෙනවා. මාව අතර මඟ අනාථ වෙනවා. (අඬයි)
මනමේ : ඇත්ත
බිසව : ඒක හින්දා ඔබ වහන්සේ මාව දීල බේරිලා යන්න
මනමේ : කාට දීලාද?
බිසව : මේ වැදි රජුට දීලා.
මනමේ : මොනවා, මීට පස්සේ මට ඔයි වගේ වචන කිව්වොත් කපලා දානවා කඩුවෙන් කුලල.
වැදි රජු : කැතයි කැතයි.
බිසව : ඔබ වහන්සේට ආදරේටයි එහෙම කියන්නෙ
මනමේ : මට ආදරේට? එහෙම කියන්නේ
වැදි රජු : මේ කුමාරයා නම් හරිම මෝඩයෙක් වගෙයි.
දෙටු : ඇත්තමයි හරිම මෝඩයි.

(c) Shilpa Sayura Foundation 2006-2017