නාට්‍යය අංක 7 - වලවිවේ කෝලම
 

(මුලදි කථකයා ලෙස රඟපෑ තැනැත්තා මේ වර වෙනත් භූමිකාවක් රඟපෑම සඳහා රංගනයට පිවිස සිටියි. මේ වර ඇය රඟන්නේ වලව්වේ මහත්මියගේ චරිතයයි.)


ඇයි මට කතා කළේ?


හාමු : කතාකළේ දැන් අපේ බංගලාවට ආය කෙනෙකුත් අප්පුකෙනෙකුත් දෙන්නම ඉන්නව නේ?. දැන් නෝනට සන්තෝෂයි නේද? දැන් ඔයාට වැඩ කරන්න ඕන නැහැ හැබැයි මේ ආයල අප්පුල නවත්ත ගත්තාම බංගලාවල නූගත් නෝන මහත්තයල සැලකිලිවන්ත වෙන්න ඕනෑ. නැත්නම් එහෙම ආයල අප්පු එකට කූට්ටු වෙලා පැනල යන්න බැරිකමක් නැහැ. අප්පු කුලප්පු වෙච්චහමඒකයි වෙනනේ. ගින්දරත් වෙඩි බේත් එකට ළංකළ තැනේ කොයි වෙලේ ඇවිලේද නොම දැනේ. දෙවියබේ කිව්වෙ. මම යනව රස්සාවට, නොන මහත්තය ගෙදර ඉන්නව. ආයල අප්පුලා කුමකින් කුමක් කරනවද කියල බලන එක නොන මහත්තයට භාරයි.


නෝන : හොඳයි.


හාමු : හොඳා තමා ඔයත් ළපටි හින්දා මම මේ තේරුම් කරල දීල යන්න හදන්නේ. ආන්න ඒක නිසා කරන්න තියෙන වැඩ කටයුතු ගැන හෝදිසියෙන් ඉන්න ඕන. එහෙම කළොත් විතරයි අපේ නම්බුව ආරක්ෂා වෙන්නේ. එහෙම නොකොළොත් අපට ඉදිරියට දෝසාරෝපණ ඇති වෙනවා.


නෝනා : ඒක මට තේරුණා
හාමු : ඒ ටික ඔයා බාරෙ. මම යනව රස්සාවට (ඇගේ මුහුණ ගෙන සිඹිමින්) ආල වචන මගෙ සුරතල් ටිකිරි බට්ටිගෙ හිනාව. හා හා කුසුම ඔබයි, බඹර මමයි මගෙ පැනි බෝලේ.


(ඉන් පසුව ආයා සහ අප්පු පෙම් බස් දොඩන ජවනිකාවකි. දෙදෙනා පැන යති. නෝනා සිටියි. ආයා එයි. තමා අප්පු සමඟ පැන ගිය බවත් මඟදී ඔහු මළ බවත් කියා ඔහු වළලා ගන්නට රුපියල් සීයක් ඉල්ලා සිටියි. නෝනා එය ද පිටත් කර හරියි.)


(හාමු ද ගෙදර එයි. අප්පුහාමි හමු වී තම බිරිඳ මළ බව කියා රුපියල් දෙසීයක් ඉල්ලා සිටියි. හාමු සහ නෝනා අප්පු සමඟ කාර් එකේ නැගී පිටත්ව යති. එතනට යන විට ආයා මැරී සිටියි. හාමු අසළට වී මියගිය අයගේ හුස්ම වැටෙන බවක් කියයි. ඇය හුස්ම ගන්නට පටන් ගනියි. හාමු ආයාට සහ අප්පුට ගසා එළවීමෙන් කතාව අවසානයට පත්වෙයි.)


(c) Shilpa Sayura Foundation 2006-2017