නාට්‍යය අංක 5 ජස කෝලම
 

(හේවායෝ සබයෙන් යති. ජය කෝලම සඳහා වාදකයෝ කවි කියති.)

තෙන තෙන නම් තෙනා - තෙනම් තෙනෙනනම් තෙනෙන තෙන තෙන

පෙර සිට පැවත එන විලසට
පොදිය බැඳ ගෙන උර පිට
තබා ගෙන
යෝද ජසයා ඒය දුව ගෙන

පිළී පොට්ටනියත්
උරේ දරමින් විවරත්
අතේ සැරමිටියත්
මෙසේ එනු බල පේඩිරාලත්


නාද අසමින්නේ
ආද පා තබමින්නේ
බේද නොව දන්නේ
යෝද ජසයා එන්ඩ එන්නේ


(ජස කෝලම රෙදි පොට්ටනිය කරෙහි ඇතිව එක් අතකින් රෙදි කැබැල්ලක් ගෙන කරකවමින් සභාවට එන්නේ නොන්ඩි කකුල බිම අද්දවමිනි. අනතුරුව වාදකයින්ගේ කවි තාලයට අනුව ජසයා නටයි.)


මේ ගම් කුලයේ හේනේ මාමල - කොච්චර සිටියත් මම් වගේ වෙන නැත
රජ වාසලෙන් සළු පිළි අරගෙන -යන්නෙමි රජු වඩිනා පෙරමුණයට
දෙවනුත් මම යමි මේ පුරයේ වට - පිරුවට දී කිලුටුත් අරගන්නට
සල්ලි නොඳුන්නොත් අප්පුහාමිල මට -තැබෑරුමේ රෙදි ටික



මේ පුරයේ හොර චණ්ඩි බොහොම ඇත -හැන්දෑ ජාමේ පාරේ තැනින් තැන
නොන්ඩි උනත් මම අම්මප බය නැත -මෙන්න බලනවකෝ ඒවට දෙන බැට
තැබෑරුමට ගොස් අඩියක් ගහ ගෙන -එඤ්ඤ පුතා වගෙ වැනි වැනි පාරට
අපේ ගෙදර උන්දෑ දැනගත්තොත් -මගෙ මේ කෙස් ටික හිඳිනව ඇත්තට

 

(තොරතුරු කතාකාටයා ඉදිරියට පැමිණ 'ඕයි' කියා අමතයි.එය නෑසුණු විලාසයක් පෙන්වන ජසයා රෙදි පොට්ටනිය බිම තබා බිමට පෙරළී වාඩිවී අතෙහි තිබුණු ලේන්සුවෙන් තම පිටුපස පැත්ත පිස දමමින්)

ආ අප්පුහාමි තානායම්පලේ නැටුවැයි?
(සබේ විදානේ) අප්පුහාමි, ඒයි ජසයා (ජසයා හයියෙන් කෑ ගසයි.)


ජසයා : මොකද නිකම් හෙණ ගැහිච්ච වගේ? ජසයා පසයා ජසයා සපයා (ප්‍රේක්ෂකයින්ට පමණක් ඇසෙන පරිදිත් අප්පුහාමිට නොඇසෙන පරිදිත්) ගහනවා පයින් බෙල්ල කඩල යන්න.


අප්පුහාමි : මොකද්ද යකෝ නිකන් කුණු කුණු ගාන්නේ? මට ඇසුනා බෙල්ල කැඩෙන කතාවක් කියනවා වගේ. අපි ගැහුවොත් කොහොමත් බෙල්ල කැඩිල යනවා.


ජසයා : අපේද?


අප්පුහාමි : ඔව් තොපේ මිසක් අපේද?


ජසයා : (අහක බලමින් ප්‍රේක්ෂකයින්ට කියයි) ගහනවා හුලිජ්ජ බොක්ක පුපුරලා යන්න.


අප්පුහාමි : තොපිට අපි කන්නත් දීලා ගෙදර ගෙනියන්නත් දෙනව නේ බොල. මම ගෙදෙට්ට කියලා තියෙන්නෙත් ආවොත් එහෙම කොස් ගෙඩියක් දෙකකුත් දෙන්නෙයි කියලත්.


ජසයා : ඒක තමයි අප්පුහාමිලාට නම්බු දුන්නාම සේරම දේවල් ගතහැකි.


අප්පුහාමි : මොකක් කිවිව බොල. (මෙහිදී කතාකාරයාට ජසයා දෙන පිළිතුර ඉතා පක්ෂපාතිව දෙතත්, ප්‍රේක්ෂකයින්ට ඇසීමට පමණක් කියන කොටස් ඉතා අවනාමානාත්මකය.) ජස අයියා.


ජසයා : (ප්‍රේක්ෂකයින් දෙස හැරී) මල්ලී.


අප්පුහාමි : මොකද්ද බොල තෝ කිව්වේ? තොට පුලුවන්ද බොල මට මල්ලියෙ කියන්න? තොට කියන්නේ මම හේනේ මාමල කියල. එතකොට තොට බෑ නෙ බොල මට බෑනයි කියන්න.


ජසයා : ඕනෑ නම් එහෙමත් කියත හැකි.


අප්පුහාමි : වැදගත් අප්පුහාමිලට කතා කරන හැටිවත් තව ඉගෙන ගන්න බැරිවෙලා.


ජසයා : අපි නොදන්නවයෑ අප්පුහාමිලා නම්බුකාරයෝ වග. ඒක හින්දා ගෞරවයෙන් කතා කරනවා. ආයිබෝවන් ආයි බෝවන්. ආයිත් බෝවන්, ආයිත් ඕනෑ නම් බෝවන් (පොට්ටනිය තුළින් රෙද්දක් ගෙන එයින් බිම පිහදායි)


අප්පුහාමි : ඔයි මොකද බොල තෝ කරන්නේ?
ජසයා : යටහත් පහත්කමින් වැඩපල කරනවා.


(අප්පුහාමි එක එක රෙද්ද පොට්ටනිය තුළින් ගෙන බිමට දමයි. තොරතුරු කතාකාරයා බිම දැමූ රෙදි ටික පෙන්වා එයින් එක එක ගන්ට ජසයාට කියයි)


අප්පුහාමි : මේක ගන්.(එකක් දෙයි) මේකත් ගන් (තවත් රෙද්දක් දෙයි) (ජසයා මේ දෙන එක එක රෙද්ද දකුණින් ගෙන වම් අතින් බිම තබයි. තබන්නේ අප්පුහාමිගේ රෙදි ගොඩේය. අනතුරුව ජසයා වෙස් අත්ත ළඟට ගොස් එයින් පිටත සිටින කෙනෙකුට කතා කරන විලාසයෙන් 'පුරන්සිනෝ නෝනෝ' කියා කෑ ගසයි. පුරන්සිනෝ නෝ නෝ නෝ.)


අප්පුහාමි : මොකද්ද බොල නෝ නෝ කියන්නේ?
ජසයා : නෝ කියන්නේ නැහැ. පුරන්සිනා නෝ නෝ කියන්නේ පුරන්සිනා නැහැ කියන එකයි. අප්පුහාමිලට තේරෙනව මදි නෙ.


(මෙහිදී වාදකයෝ ලෙන්චිනා සඳහා පොතේ කවි ගායනය අරඹති)


රූපා අංගෙයෙක් සලෙලුවන් කුල්මත්ව රාගයට පොළඹනා
දීප කුලයට වෙනින් කතෙක් නැත ලෙන්චිනා සමවනා
සෝකයෙන් තම හිමිය නොදැක ඈ බොහෝ කුල්මත් වු ගතියෙනා
සාපයෙන් කොමල වු ලෙන්චිනා සබ තුළට එන්ඩ දැන් නික්මුනා


පුංචි කාලේ සිට
වංච බස් දී තෙපුල් හිමි හිට
සංචල් නොව සිතට
ලෙන්චිනා ඒය සරඹ ගමනට


සැම තරුණයන්ගේ සිත
මවිත කරවන ලෙසින් දැන් සිත
මෙබසයට දිවූ තත
ඒය රුසිරෙන් දිලී පේඩි කත


මල්ල හුණු පුවකින
කොල්ලො දෙස බලා ඉඟි කරමින
කල්ල හොර මාය මින
කෙල්ල ලෙන්චින ඒය දුවගෙන


හංසයින් පරදවන පියයුරන් ළැම තුලා - අන්දමින්
මන් සිත තුටු නොවෙද දුක් මුළා
නිසිකුල සේ උනි නම් තරුණයින් එකඟිනා - නෙකත
අඩු කුලයේ උන මුන් වෙන අතක නාරිනා

(c) Shilpa Sayura Foundation 2006-2017