වාදකයෝ රාත්රි 9.30 ට හේවා කෝලමට අඬ ගහන පොතේ කවි කීපය කීම ආරම්භ කරති.)
තෙනම් තෙන නම් තෙනන තෙන තෙන තෙන නම් තෙන තෙනා තෙනෙන තිනා තෙනින තෙන තෙනා
නිරිඳුන්ගෙන් පොරණ
සිටින තනතුරු ලැබ ගෙන
නමින් බඩජල යන
බොළඳ මුක්කන් කන්කුනෙක් එන
කිපී කප දෝසේ
වැදී පීනස් නාසේ
සිදී ගොස් නාසේ
සැරව ලේ කුණු නිතර වෑසේ
කඩු පළඟ සුරතට ගත් සැරමිටිය අතකට
වෙන කෝලම් කුමට වරෙන් හේවාරාල සබයට
කග පලඟ අඩයටි දරා සුරතින් සැරමිටි
රඟ මඬලට බුහුටි
බලන් හෝවාරාල එන හැටි
විතර වෙස් තනවා
දුටුවන් බිය කරනවා
පතක් ගෙන එනවා
ඔන්න හේවාරාල එනවා
සිටින තැන දැකපී
දෙරණන අඩි ගසාපී
වටපිට බලාපී
යකුසෙ සබයට ඇවිත් පැනපී
දැන් මේ සබාවේ
නවතා කෙළි සිනාවේ
කිම පත ගෙනාවේ
මන්ද හේවාරාල ආවේ?
නැටුමට එන පමණ
කෝලම් රූප වෙන වෙන
ලියමින් ඇති ගණන
ආමි සන්නස් පතක් අරගෙන
රඟමඩලෙහි නැටුන්
බලනා ලෙසට මහතුන්
එන ලෙසට ලියමන්
ගෙනා සන්නස බලා කියවන්
තෙන තෙන තෙම් තෙනා - තෙන තෙනෙනම් තෙනෙන තෙනාතෙනා තම් දෙන තනා - තනා නම් දෙන දනින තානා
(හේවායෝ හතර දෙනෙක් සභාවට පිවිසෙති. ඔවුන්ගේ අතෙහි කඩු තිබේ. සබේ විදානේ ඔවුන්ගේ පසුපස එළවා ගෙන ගොස් 'ඒයි ඒයි' කියා කෑ ගසා අඬ ගසයි. එකෙක්වත් නොනවතියි. අතන මෙතන දුවයි. අවසානයේ එකෙකුගේ අතින් අල්ලා ගනියි.)
සබේ විදානේ : මොකද? මෙතන මෙච්චර වෙලා කළේ.
හේවායා : අපි නාට්ටු කළ. නැටුවා.
සබේ විදානේ : අපිත් කැමතියි ඒ නැටුම් දකින්න.
හේවායා : ඉතින් බලන් ඉන්න. (කියා නික්මී යයි. සබේ විදානේ දිව ගොස් ඔහු අල්ලා ගෙන එයි.)
සබේ විදානේ : එහෙම නොවෙයි ඔයි ගොල්ලන්ට පුලුවන් මොන මොන නැටුම් ද?
හේවායෝ : නැටුම්, සින්දු කවි, පිලුම් සේරම පුලුවන්.
සබේ විදානේ : සේරම පුලුවන් වගේ පේනවා. එහෙනම් නටමු බලන්න. (හේවායා රූං කියා ගෙන රංග භූමිය වටේ දුවයි. සබේ
විදානේද ඔහු පසු පස දුවයි.)
සබේ විදානේ : එහෙම නෙවෙයි උඹලා ඉස්සරවෙලා නටනවයි කිව්වා. පිලුම් දන්නවයි කිව්වා. ඒයි උඹලට මම නම ගම කියලම කතා කරන්නන්කෝ. හේවාරාල- ඒයි හේවාරාළ, (අනතුරුව දෙදෙනා බැගින් සෑදී නටති. වාදකයෝ පහතැති කවිය ගයති.
දියත පහළ උසිරත බරණැස් නරනිඳු ලගේ
සමත රාජකාරිය කර කරුණා ලැබ ඔහුගේ
අනත යුදෙන් ජයගත් බව ඇසුවද මම ලගෙ
සපන් මෙමා සබයට ආවෙමි සිංහ රජු වගේ
සබේ විදානේ : දියත පතළ බරණැස් රජ්ජුරුවන්ට සේවය කරලා එන උඹලගේ ඔය මුහුණුවලට මක් වෙලාද? තමුන්ලා හොරකමකට නැත්නම් ජඩ වැඩකට ගිහිල්ල නෙවෙයි. ඔයි තුවාල වුණේ. යුද්දෙට ගිහිල්ලය කිවුව නේද? කොහේද ඔයි කියන යුද්දේ තිබුණ.?
හේවාරාල : රට උඩ
සබේ විදානේ : රට උඩ නෙවෙයි ඕයි උඩරට. උඩරටත් කිවුවම කොතනද?
හේවාරාල : හූවේ
සබේ විදානේ : හූවේ නෙවෙයි ඕයි ඌවේ. උඩරට බින්තැන්න ඌවේ වගේ පළාත්වල තමාලා යුද්ද කළා. කවුරු එක්කද ඕයි යුද්ද කළේ?
හේවාරාල : දෙමෙල්ලු එක්කල.හැඩි දෙමෙල්ලු එක්ක යුද්ද කළේ. කඩු හරඹ අවි හරඹ සේරම කළා.
සබේ විදානේ : යුද්ධ කරපු බව මූණෙනුත් පේනවා. හේවාරාල ඒවා කඩුපාරවල් එහෙම නෙවෙයි. අපි මහනුවරින් එද්දී මඩවලක් තිබුණා. ඒකේ අලියෙක් මඩ නනා හිටියා.
සබේ විදානේ : අලියෙක් නොවෙයි. ඕයි ඌරෙක්.
හේවාරාල : එතන මුහුණ හෝදන්න පාත් උනාම වතුරෙ හිටපු කූඩැල්ලෝ ටික අපේ මුහුණුවල එල්ලුනා.
සබේ විදානේ : ඔයි අතේ තියෙන සන්නස් පත්රය කියවන්න බැරිද දැන්?
හේවාරාල : අපිට කියවන්න පුලුවන්. අද හැන්දෑවේ ඉඳලා මෙතෙන්ට විශාල සෙනඟක් ඇවිල්ලා රැස් වෙලා ඉන්නව. අද රාත්‍රියට මනමේ කතාව අපි නටල රඟ දක්වනව. අපිටත් ඒක බලාල යන්නෙයි කියලා තියෙනවා.
සබේ විදානේ : දැන් ඉතින් සන්නස් පත්‍රයේ තියෙන දෙවල් දැනගත්තා. ඉතින් මෙතෙන්ට ආපු කිසි කෙනෙක් නිකන් නොයවන චාරිත්‍රයක් තියෙනවා. ඒක හින්දා හොඳ කියමනක් කියලා සුරලක් අල්ලල සබාව සන්තෝෂමත් කරල යන්නෙයි කියලා අපි කියනවා.
(හේවායෝ එක්වී නටති. වාදකයෝ මේ කවි ගයති)
ඇද කට තොල හේවරාල
වට පිට බලමින් එරාල
ගේ කට අසු නොවේ කෝල
සබයට වනි හේවරාල
පණිවිඩයක් කියා නමුත් ආ කොට මේ සබේ ගිනිකඩියෙක් හේම මොකද ඇති අණයක් නොකියා සිට බඩගින්නක් ඇතුවා නම් සුරා ටිකක් බීලා සිට වැඩි පදයක් නොවෙයි හේවරාල නටාපන් හනිකට
(හේවායෝ සබයෙන් යති. ජය කෝලම සඳහා වාදකයෝ කවි කියති.)
තෙන තෙන නම් තෙනා - තෙනම් තෙනෙනනම් තෙනෙන තෙන තෙන