නාට්‍යය අංක 2 - පොලිස් කෝලම
 

මේ අතර මඬුව තුළ නළුවෝ හතර දෙනෙක් පොලිස් කෝලම සඳහා මුහුණු බැඳ ගෙන සූදානම් වෙති. සභාපතිවරු සබයෙන් පිටත් වී යති. ඒ සමඟම බෙර වාදකයෝ පොලිස් කෝලමට නියමිත පොතේ කවි සහ තානම ගායනය ආරම්භ කරති.


ආඥා පනත ට
වැඩක් ලැබගෙන පෙර සිට
රාජකාරියක ට
පොලිස් මැතිවරු ඒය සබය ට


මැලිස් නොම දන්නේ
පෝලිස් පොල්ලද අතට ගන්නේ
ලෙසින් පවසන් නේ
මෙදැන් සබයට එන්ට එන්නේ


මිනිසුන් දුටු කලට
සරොසින් බලති වටපිට
සණ්ඩු සරුවල් කොට
පොලිස් සිව්දෙන ඒය සබයට


උන් කිසි වරද ඇත
නොගෙන කුළුණෙන් අප වෙත
සතොස් වඩමින් සිත
අපට අවසර ලැබෙනු යහපත


තෙන තෙන් තෙනින තෙන තෙනිනම් තෙනින තෙන
තෙනා තෙන තෙන තෙනින තෙනෙනා.


(පොලිස් මැතිවරු දෙදෙනා බැගින් සබයට දුවගෙන එති. කාකි කෝට් එකක් ද කාකි දිග කලිසමක්ද ඇඳ ගත් මොවුන්ගේ අතේ බැටන් පොල්ලක්ද ඇත. වෙස් මුහුණු පළදති. එහි ඉලක්කම් කිහිපයක්ද තිබේ. අම්බලන්ගොඩ කෝලම් කුට්ටම්වල ඇති 1918 අරගල අවස්ථාව අර්ථවත්ය. 1915 දී අප රට සිදුවුණු මුස්ලිම්-සිංහල අරගල අවස්ථාව සහ සමකාලීන වූ ඒ අවස්ථාවෙහිදී යුද නීතය මෙරට පනවන ලද හෙයින් පොලීසිය ගැන හැඟීමක් මහජනයාට තිබේ. හෝකන්දර කෝලම් මුහුණු පෙට්ටියේ ඇති පොලිස් කෝලම් මුහුණුවල කපා ඇත්තේ 395 යන ඉලක්කම්ය. කාකි කෝට් එකේ දෙපැත්ත එකට ඈඳාගෙන ඇත්තේ බොත්තම් වලින් නොව රෙදි කැබැල්ලකින් බැඳීමෙනි.


මේ හතර දෙනාම සභාවට පැමිණ නැතිවුණු යමක් සොයන විලාසයෙන් එකිනෙකාගේ ඇගේ හැපෙමින් බිම පෙරළෙමින් එහා මෙහා දුවති. පොලිස් ඉන්ස්පැක්ටර් සභාවට පිවිසෙන්නේ මේ අතරය. ඔහු පොල්ල ඔසවා තම සඟයන්ට කෑගසමින් කියයි. 'පෝලින්' දහ වතාවක් පමණ ඔහුගේ මුවින් මේ වචනය පිට වූවත් හතර දෙනාට පෝලිමට සිටීම දුෂ්කර වෙයි. පොලිස් නායකයා ඒ හතර දෙනා එක පෙළට තියන්නට තැත් ගනියි.


මේ අතර අකීකරු පොලිස් කාරයෙකුගේ හිසට පොලු පහරක් ද වදියි. 'අටේන්ෂන්' යන්තම් පෙළ ගැසී හමාරය. මේ වන විට එක  පොලිස්කාරයෙකුගේ අත් දෙක උඩට ඔසවා ගෙනය. අනිකා ඉස්සරහට දික් කරගෙනය. අනිකා පහත දමාගෙනය. පොලු පහර දී අතින් ඇද යම්තම් හතර දෙනා කීකරු කර ගනියි. ඒ දෙස බලා පොලිස් නායකයා වැරි ගුඩ් යයි කියයි. අනතුරුව කල් බැලීම සඳහා වම් සහ දකුණ වෙනුවට ලැප්ට් රයිට් යයි පෝලිස් නායකයා කෑ ගසයි. පොලිස් කොස්තාපල්වරු කල් බලති. තම සඟයන් අමතා ඔහු ඉංග්රිසියෙන් යමක් කියයි. ඔහු පළඳින වෙස් මුහුණු වාචිකාභිනයට මහත් බාධා ඇති කරයි. ඔහු ව්යවහාර කරන්නේ ද සාවද්ය ඉංග්රීසියකි. සාජන්ට් ඩිඩ් නොට් නමින් යන්නෙන් අදහස් කරන්නේ සාජන්ට් නො ආ බවද නොඑන බවද යන්න නොදනිමි. කෙසේ වුවද පොලිස් කාරයින් හතර දෙනෙකු සන්සුන් කිරීම සඳහා මෙම ඉන්ස්පැක්ටර්වරයා ගන්නා ප්රයත්නය ප්රේක්ෂකයා තුළ හාස්ය ඇති කරයි.)

(මේ අතර සබේ විදානේ රංග භූමියට පිවිස ඔවුන් ළගට යයි. එහෙත් ඔහු ගැන තැකීමක් ඇති නොවිණි. ඔහු කෑ ගසා තමා එතැන සිටින බව අඟවයි. පොලිස් නායකයා ඔහු ළඟට විත් වචනයෙන් නොව ඔළුවෙන් පමණක් ඇයිදැයි අසයි.)


සබේ විදානේ : මම තානායම් පොළේ වැඩකටයුතු බලා කියාගන්න මුලාදෑනියා.
පොලිස් නායක : (එකිනෙකා පෙන්වා) සාජන්ට් මේජර් බණ්ඩ මහත්තයා


(සබේ විදානේද එකිනෙකාගේ නම පොලිස් නායකයා කීවාට පසු කියා හඬ නඟන්නේ පොලිස් වෙස් මුහුණින් හරි හැටි නොඇසෙන නම් සභාවට හඳුන්වා දීමට යයි සිතේ)


සබේ විදානේ : ඔයි කථා කරන්නේ ලොකු මහත්තයා
පොලිස් නායක : ඔව්
සබේ විදානේ : එතකොට මුන්නැහේලා මෙතෙන්ට ආවේ මෙතන හොඳට ආරක්ෂාව සැලසිලා තියෙනවා ද කියලා බලන්නයි.
පොලිස් නායක : ඉයස් ඉයස්
සබේ විදානේ : බොහොම සන්තෝෂයි. බොහොමත්ම සසතුටුයි. බොහොම හොඳයි. අපිට එහෙම තමයි ඕන කරන්නේ දැන් මට දැනගන්න ඕන කරනව මේ මහත්වරු දන්න කියන මොනව හිරි නැටුමක් තියෙනවද කියලා.
පොලිස් නායක : ඉයස් ඉයස් වෙරි මච් ඉස් දැට් කරපින්ව ඉස් දැට් චාන්ස්. ඉස්දැට් ද බයිලා ඉස් දැට් කුරුමානම්.
සබේ විදානේ : හුඟක් දේවල් දන්නවා. කඩු හරඹ එහෙම දන්නවද?


(පොලිස්කාරයින් හතර දෙනා යුගල සැදී කඩුසරඹයෙහි යෙදෙති. අනතුරුව වෙස් අත්ත දෙපසින් නික්මී මඩුවට ඇතල් වෙති.)

(c) Shilpa Sayura Foundation 2006-2017