නාට්‍යය අංක 1 - අවසර ගැනීම
 

මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් පුරාණ පොතකින් ලේඛිතයි

 

වේලාව : සවස 7.32 යි

බුද්ධං ත්රෛලෝක්ය නාථං
සුරනර නමිනං ඝෝර සංසාර තීර්ණං
ධීරං ගම්බීරවන්තං සකල ගුණ නිධිං
ධර්මරාජාභිසේකං දේවං 

දේවාතිදේවං ත්රිභුවනතිලකං
කාමලෝකාභිවර්ජ්යං
වනදේ තං සාර හස්තං
ප්රනමින සුභර්තං
බුද්ධරාජං නමාමි ....

සතන විතන කිත්තිං දප්ප කන්දප්ප දප්පං
තිභව භිත විධානං සබ්බලෝකේකකේතුං
අමිතමතිමනග්සං සන්තිධම්මේරු සාරං
සුගතමහමුදාරං ධම්ම භානුං නමාමි ...


සන්තින්ද්රියං විභත පාප මලං ජලන්තං
යං අග්ග පුග්ගල පවග්ග මහග්ග දානං
ධම්මෙන ධම්මමතුලං නිබිලං මියත්තං
ජිනෝනිද්ර සංඝ පවරං සිරසා නමාමි ....


අනතුරුව යහන්වලට දෙවිවරුන් කැඳවීමට ආරාධනා කවි ගායනා කරති.


පරසිඳු සිරිලක් දිව් සාසනෝ ලෝක හාරා
සැම ගුණ නැණ මෝරා බෝධිසම්හාර දානං
වැසුණු ලෙස උදාරා ලෝක පුලේන්ද්ර නාතං
සිරිබර ඉසුරුත් දී ආතුරන් සෙත් කෙරෙත්වා


දිවාදස ප්රබල හස්තං වස්ත්ර ෂට්වර්ණ දේහං
සහසකිරණ චන්ද්රං සංක කොන්තායුදංතං
විපුල ජයතු දේහං වාහනං මෝරහේමං
කදිර දේව රාජං පාද පද්මං නමාමි


කෛලාසේ හේමකුටේ හිමගිරි මැදුරේ
මන්දිරේමේරු ශ්රිංගේ
පාතාලේ වීජයන්තේ ගණපති භවනේ
සිද්ධ ගාන්ධර්ව නාගෝ
බ්රහ්මාණ්ඩේ විෂ්ණු භවනේ පසුපති නිලයේ
චන්ද්ර සූර්යාත්රිලෝකේ
දුෂ්ඨාර්ණ සර්වාර්ථ සිද්ධිං විමන සුමනසො
මංගලම් තේ දිසංතු


සිවමස්තු නමෝරාමං කන්දසේනා සමාගමං
වඩිගතන්ත්ර මණිකන්ඨ මඩ්ඩි මංගල නමො නමං


(යහන් දැක්ම ආරම්භ කරන්නේ මෙම ගායනා අවසාන වීමත් සමඟය. සුදු සේල පැළඳ ගෙජ්ජි වැල් පය බැඳගත් නළුවෝ තිදෙනෙක් අතෙහි පුවක් මල් කිනිත්තක් හෙවත් දලුමුර ඇතිව රංග භූමියට ප්රවිෂ්ඨ වෙති. මෙම නළුවෝ ප්රසිද්ධ ජීවිතයෙහිදී දක්ෂ දෙවොල් මඬු සහ ගම්මඬු නැට්ටුවෝය. එහෙයින් මෙහිදී ඔවුන් නර්තනය කරන්නේ මඬු තෝත්ත්රවලදී භාවිතා වන යහන් පදය.)


රාත්රී 8.20


(සභාපතිවරු සබයට එන්ට පිටත් වෙති. මේ භූමිකාවන් රඟන දෙදෙනා රතු පාට සහ රෝස පාට දිගු ලෝගු දෙකක් ඇඳ ඉණෙහි රතුපාට රෙදි පටියක් බැඳ ගනිති. මුහුණෙහි ඉතා තදින් සුදුපාට පුයර අතුල්ලා ඇත. අතෙහි අඩි දෙක හමාරක පමණ දිග ලී කෝටු දෙකකි. එය දෙකෙළවරින් අල්ලා ගෙන දෙදෙනාම ගමන් තාලයකට සභාවට එති. පැමිණ වෙස් අත්ත ඉදිරියේ සිට ගෙන ගායනාව  ආරම්භ කරති. මේ පිරිස කවුරුන්දැයි ප්රේක්ෂකයන්ට හදුන්වා දීමට තොරතුරු කථා කාරයා නමින් ඔස්කාර් පර්ටෝල්ඩ් විසින් හඳුන්වන ලද සබේ විදාන හෙවත් කාරියකරවන රාළ නම් විස්තර කථකයාද රංග භූමියට ප්රවේශ වෙයි. සභාපතිවරුන්ගේ මෙම ගීතය සහ විස්තර කථනය මෙසේය.)

අප වෙත කෝල නොම ගෙනා// මෙම රාත්රියේ නිමල්//
සැමා තුට වඩනුය -සිරිසාරතුංග චරිත ආවෙමු
අපි දෙදෙනා-පානෙමු රඟ තුටිනා-
දෝස නොම ගෙනා

(සබේ විදානේ සභා ගත වෙයි. ඔහු සභාපතිවරුන් දෙදෙනා ඉදිරියට ගොස් අතට අත දී ආචාර කරයි.)

සබේ විදානේ : පළමුවෙන්ම මම තමුන්නාන්සේලාට ආයුබෝවන් කියලා කතා කළේ මේ වගේ සභාවලට පැමිණියාම චාරිත්රයක් හැටියට ඒ එන උදවිය පිළිඅරගෙන කතා බහ කරන්න මාව පත් කරලා තියෙනවා. හැබැයි මේ සීමාවට විතරයි.


(රංග භූමිය වටේ අත යවා එකී සීමාව පෙන්වයි)

සභාපතිවරු : දැන ගත්ත එක බොහොම සංතෝෂය


සබේ විදානේ : මේක විශාල සභාවක්. මේ සභාවෙන් වචනයෙන් අවසරයක් ගන්න ඕන කරනවා.


සභාපතිවරු : නෝනාවරුනි, මහත්වරුනි, අපි අද දින තමුන්නාන්සේලා ඉදිරියෙහි රඟ දක්වන්නා වූ මෙම පැරණි කෝලම් නාට්ය කලාවේ ඉතා වැදගත් කථාන්තරයක් වූ මනමේ කතාව කර ගෙන යද්දී කිසියම් වරදක් පේනවා නම් ඒවා සියල්ලම කිරෙන් දියර වෙන් කර ගන්නවා වගේම තමුන්නාන්සේලා නරඹලා පින් අනුමෝදන් වෙන්නය කියලා අපි තමුන්නාන්සේලාගෙන් කරිණාවෙන් ඉල්ලනවා. එහෙම හිතාගෙන අපි තමුන්නාන්සේලාගෙන් ප්රීති ඝෝෂාවක් පවත්වන්නය කියල ඉල්ලනවා. (සභාවෙන් මහත් අත්පොළසන් නාදයක් නැඟෙයි.)


සබේ විදානේ : හොඳ ප්රීති ඝෝෂාවෙක් නම් ලැබුණා. සභාවෙනුත් අවසරයක් ලැබුණා. දැන් ඉතින් රඟ දක්වන්න යන්නේ මොකද්ද කියලත් දැනගන්න එපායැ.


සභාපතිවරු : ඔව්. ඔව්. මේ රඟ දක්වන්නේ අපේ මේ සිංහල නාට්ය කලාවේ මූලිකම ස්ථානයක් වූ කෝලම් නාට්යයි. අද අපේ රටෙන් මේවා තුරන් වේගෙන යන මේ අවස්ථාවේ යාන්තම් මේවා රැකගෙන අපි මේ අවස්ථාවේදී මේ මහත්වරුන්ගේ ආරාධනාව උඩ බොහොම ඈතකින් අද ජීවත්ව ඉන්න ඉතාම දක්ෂ නළුවෝ කණ්ඩායමක් මේ ස්ථානයට කැඳවලා අරන් ආවා. ඒ මනමේ නාට්යයම දක්වන්නේ එයින් විශේෂ ආදර්ශ රාශියක් ගන්න පුලුවන් නිසයි. ඒ දක්වන නාට්යයේදී මනමේ කුමාරයා වැදි රජු ආදි පිරිසක් සමඟ මේ ස්ථානයට පැමිණෙනවා. ඒ පැමිණෙන සියලු දෙනාම සභාවේ සියලු දෙනාගෙන්ම ආශිර්වාදය ලැබෙන්න ඕනෑ.


සබේ විදානේ : අපි ඒ වැඩ සේරම චාරිත්රානුකූලව ඉෂ්ට කරනවා. ඒ අය නියම විදියට පිළිගනිනවා. උඩට උඩුවියන් බැඳලා ධජ බැඳලා-පයට පාවඩ යන සේරම ලෑස්ති කරලා අපි මේ සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම මට දන්නවල තියෙනව යම්කිසි කෙනෙක් මේ සභාවට පැමිණුනොත් ඒ පැමිණි අය නිකම් අරින්න එපයි කියල. තමන් දන්න යම්කිසි කියමනක් නැත්නම් නැටුමකින් ප්රීති ඝෝෂාවක් පවත්වලා ඒ අයට සන්තෝෂ වෙන්න අවස්ථාවක් ලබල දෙන්න ඕන.


සභාපතිවරු එක්වී ගයති :


ස්තූති වේ මේ සභාවේ මහතුන් හටා
නෝනාවරුන්ද මේ නෘත්ය බලනා සැමටා යම්
දෝසයක් ඇතත් අපේ ඒ නොගන්නා මෙන්
පේවී තුමන්ගෙන් යදිමු බැති සිතින්



මේ ගීතයෙහි සෑම පාදයක්ම දෙවරක් ගයන අතරම මුළු ගීතයම තුන් වරක් ගයති.)

 

මේ අතර මඬුව තුළ නළුවෝ හතර දෙනෙක් පොලිස් කෝලම සඳහා මුහුණු බැඳ ගෙන සූදානම් වෙති. සභාපතිවරු සබයෙන් පිටත් වී යති. ඒ සමඟම බෙර වාදකයෝ පොලිස් කෝලමට නියමිත පොතේ කවි සහ තානම ගායනය ආරම්භ කරති.

(c) Shilpa Sayura Foundation 2006-2017