විජයබා පිරුවන් පති
 

කඳවුරු ගම් කුල - දලනිඳු ලකල මුදලිදු සොඳුරු
පිවිතුරු උතුරු මුළ මහ තෙරිඳුට  සොඳුරු
මුනුබුරු මහරු ගුණ සරු පිළිවෙත් ගැඹුරු


කිවි කුල මුදුන් මල් - කළ තම තෙපුල් හැම කල්


මනරම් මුනි සසුන් වැඩ පිණිස නිකසළ
පැරකුම් රජු විසින් සුත පෙමිනි ඇති කළ


සිරිබර මෙසිරි ලක'ඟන පැලදි පිරිසිදු
පුවතර මහ වෙහෙර වැසි තෙර ගණ සිනිදු
මනහර රුවන් වැළ මැද බඳ මිණෙක බඳු
නම කර පවර විජයබ පිරුවන් තෙරිඳු


තවද, අසදෘශ ප්‍රඥා පාටව ප්‍රශස්තතර ත්‍රි-පිටක වාගිශ්වර ශ්‍රී සංඝබෝධි විජයබාහු ස්ථවිරොත්තමයාගේ මෙද එක් වර්ණ භාෂණයෙක. එද හා කර්ණ භූෂණය කර


ගැඹුරු විජම් පෙළ කිරි සයුර ඇම විට
සොඳුරු නුවණ මෙර පහරින් සකොබ කොට
මියුරු පද අරුත් අම ගෙන දෙන ලොවට
කවුරු සදිසි වෙති මෙකලට එයතිඳුට


විහිගුම් නොයෙක් දිටු සකිලිටු ගිමි විහිට
දෙනතුම් සඟ'පවඟ පල සිරි මුළු ලොවට
නරද මී සැරි සුතුරු දම් තුඟු සුර තුරට
මනරම් ඔහු නුවණ දෙරණම විය පිහිට


මුනිවර සසුන් මිහි මඬලෙහි කළ නදනා
මනහර විනය පදරුත් මහ මිණි අදනා
පෙරැදුර නුවදෙසුන් ලැබ නැණ පතළ දනා
ගෙන ඇර දෙමින් කරවයි යති ගුණ නදනා


සතර පහළ කළ ඇඳුරන් සෙ පොරණය
නොහැර සිත සෙ දැන ගෙන අට වියරණය
පවර පබඳ බැඳ සත සතොස කරණය
නිතොර පසිඳු කරවිය සියලු දෙරණය


සසමය සතර සිඳු අගතිසි කර තලය
අසමය සපිරි පිරිසිදු ගුණ ඇම කලය
මෙසමය පසිඳු දියතෙහි එහිමි තෙපලය
විසමය ඇදුරු තුරු උදුරන සැඬ නලය

(c) Shilpa Sayura Foundation 2006-2017