3 වන පරිච්ඡේදය
 


සිරිමත් සොඳුරු එවෙහෙර තැන තැන ලකුළු
ඉඳ සිත් ලෙසට පෙර කිවියර සිරි රුකුළු
දැනගත් සඳ ලකර වියරණ වියත් මුළු
පවසත් සකු මගද එළු දෙමළ කවි නළු


පෙර තොප නුදුටු නොඇසු මෙබදු සිරි සර
නෙත සිත සතුටු කර දැක පවර එවෙහෙර
පුදයට පිවිටු දන කොලහල නැවති වර
වැද ඉටු දමිටු ම-මිතුර මුනි මැඳුර තුර


ලක රද ඉසුරු ලද - දද කැලණිතිස් මහරද


යුව රද වරද තතු ලෙස නොදැන පිරිසදේ
නිව රද වරද යතිඳුට වරද කළ සඳේ


කිපියෙන් සුරන් සිත් - සිඳු එන වෙරළ මැඬ ගෙන


නිසා මෙලක සෙත ඒ මුහුද පැහැ මැවූ
දිසා පිළිම රුව දැක සක් දෙවිඳු මැවූ


රුදුව සෙනඟ ගෙන ආ වසවතු යුදට
මුදුව බිණු තෙපලෙන් ජය ගෙන ලොවට
බුදුව නොයෙක් සෙත් කළ අප මුනිඳු හට
වඳුව අදර බැති පෙම් සිත් දියුණු කොට


මහන සසර සයුරෙහි කුමුටුව සරන
අනත සත නිවන් පුර ගෙන යන සිතින
සතන සොඳුරු බුදුකුරු ගුණදම් පුරන
දියත පසිඳු නතිදුන් දැක ගොස් සොබන



පවර රුසිරු මහ සෑ සමඟ බෝ තුර
නොහැර නැමද බැති පෙම් සිතිනි විසිතුර
වෙහෙර පුද පසඟ තුරු රැව් නොදෙන තුර
මිතුර තොසින් වැද සැදි සොඳුරු පහ'තුර

(c) Shilpa Sayura Foundation 2006-2017