2 වන පරිච්ඡේදය
 

තවද, ඒ විශුද්ධ ප්‍රසිද්ධ සමෘද්ධි විහාරයාගේ මෙද එක් අසාධාරණ කාරණයෙකි.


මනරම් වෙහෙර තුළ තැන තැන සපැමිණය
සිතියම් බණ වසුන් විදහා අපමණය
සිත සොම්නසින් සිහි කර කර බුදු ගුණය
අබිදම් පෙළ අරුත් විමසන සඟ ගණය


උතුරු ගුණෙන් සපැමිණ පිළිවෙත් මහය
පතුරුවමින් සත වෙත මෙත් මහ ගඟය
අතුරුදහන් කෙරෙමින් සිවු අවමගය
සුතුරු දහම් පවසන සමහර සඟය


සමහර සුපිළිපන් සඟ ගණ මන මෙනය
පුවතර අරුත් ටිකා ගෙන වෙන වෙනය
පැණසර ඇදුරු උවදෙස් බස් දැන ගෙනය
නොමහැර ගැඹුරු තැන් විමසති විනය නය


ගැඹුරු නොයෙක තැන් පිළිවිස සිත් ලෙසින
වෙහෙර පසෙක ඉඳ සොඳ පත්පොත් රැගෙන
නොහැර සලකමින් සන් සඳ'රුත් යෙදෙන
හෙරණ රැසෙක වියරණ වනපොත් කරන


තියුණු නැණින් කෙරෙමින් සැක නිවාරණ
පමුණුවමින් එකිනෙක සමය කාරණ
දැමුණු සිතින් ඉඳ කර වෙහෙර පුරණ
බමුණු රෙසෙක් වෙද'රුත් කෙරෙති දාරණ


පබා තුරු ලෙසින් බොල්ලන් ගෙන නොමඳ
තබා පෙළින් පෙළ ඇද නිල් පලග මැද
බබා සෙද තැනින් තැනන ගහ ගණන් බැඳ
පබා කර සිදත් සමහරු ගනිති ඉඳ


මුනි විරු දෙසූ සදහම් මෙන් ඇම දවස
උවදුරු දුරැ'ර රකිනුව සත්වග වෙසෙස
පෙරැදුරු ඉසිවරන් පැවසූ නොයෙක ලෙස
වෙදවරු වෙද සතර පිරුවති එහි සතොස


මනහර පොත් රැගෙන පරසිදු පෙර පටන
එහි පදරුත් කියන ලෙස නොහැර දැන ගෙන
සුරගුරුටත් උතුරු දෙම්හයි වනපොතින
සමහරු අත් සතර පිරුවති නොයෙක තැන

(c) Shilpa Sayura Foundation 2006-2017