පළොල් සිහින් ගෙදිය එරහැදිය
දැසමෙන් සවි ගෙඳිය හුල් ගෙඳීය
නිලුපුල් අඹ ගෙඳිය සිහිනිඳීය
සුවඳ දසත විදීය'තුරු නොදීය
මල් රොන් තුරුසි රේය නිරතුරේය
පවන් වැදි සිරේය මළු'තුරේය
බිගු ලොබ කර ත රේය නොවිතරේය
දම් පිළිරැව්යුරේය නද කෙරේය
නොමඳ බමර'කුරු රැඳි මල් රෙහෙණුපට
පැහැද නිතොර ඇර ගෙන සිය අතු අතට
සබඳ කොවුල් රැවු තෙපලෙන් මිහිරි කොට
තුරුද දහම් පවසන වැනි වෙහෙර වට
මහරු මහ සඟන එවෙහෙර'තුරු රඳන
සිවුරු පැහැ දියුණු කර නිරතුරු රඳන
සොඳුරු පිපි නිමල් මල් කැන් සැදි නඳන
රුසිරු ඇසළ තුරු බබළයි නොයෙක තැන
තුරු යටියෙන් හුණු පැටි ලෙහෙණුන් රැගෙන
සිතු අටියෙන් පිඹ ඇඟ පිරිමැද සෙමෙන
මල ගෙටියෙන් පැන් පොවමින් අතින'තින
සිටි පැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබන
තුරු යට සුපිපි නිල් කටරොළු මල් කුලය
පැටි කොට විදා දිගු නිල් ඇස් පිල් කැලය
නද කොට රඟන ගෙ-මොනර ගණ මන කලය
මුතු පට සුදුසු පිරිසිදු සුදු වැලි තලය
