මාදම්පේ සහ කහව
 

සියොතුම් පා පහරින් හැසිරෙන දෙතෙර
නිති කම්පා වන තුරු මල් රොන් පැතිර
තද ගිම්පා කර ලැබ ලව දිය දහර
මහ දම්පා මෝදර දැක යව මිතුර


විහිගුම් වෙරළ වැද - වැද දෙන සිදු ගොසායෙන්
සලසිත්ව බා නොගොසින් - තො ගොසින් සෙද කසායෙන්


තොටගමුව


විදි විහිගුම් සමුදුර වෙරළත හමුව
සුරපුර බිම් බට මෙන් වඩවන'ළමුව
සැදී පල'රම් විසිතුරු ගෙ උයන් සුමුව
දකු මනරම් සිව් සිරි පිරි තොටගමුව


උදුළ තරළ මිණි වෙන් හැර ගතැයි තමා
පුවල නතිඳු හට පඝුණන ලෙසින් බමා
තරළ නැබළ රළ ගොස පහළ කර දමා
වෙරළ වතළ සිඳු රඟ බලග නෙත් යොමා


සුනිල් නෙරළු වන පිය පතර වොරඳනා
ළකල් වෙහෙර පැහැසර ගුරුළිඳුහු පිනා
විසල් සයුර'තින් ගත් නා රදකු මෙනා
නිමල් පුලින දුල පෙන් මගට බසිමිනා


වෙහෙර තුරට සෙද නොගොසින් පළමු කොට
පවර සුරිඳු නඳුනු'යනෙ'වි දිසි අවට
නිතොර සුසැදි මල් පල'රම් වන පෙතට
මිතුර පිවිස නරඹව සිත් සතුටු කොට


වෙන වෙන රඟට බඳ තෝ තැනි දිය කෙළය
යන එන සියොත් කැල රැවු පිළිරැව් කළය
දන මන සතුටු වන රස පල වැල දුළය
තැන තැන අවට බබළන නන් තුරු පෙළය


රැළින් රැළ බිඟුන් කෙළ වතළ දිමුතුය
කෙළින් කෙළ පොකුණුවල තඹර නුමුතුය
පෙළින් පෙළ සුරන් නිල් මල් මිණි මුතුය
පළින් පළ විහිද සුසැදුණු මල් වතුය


නොයෙක සුවඳ මුවරඳ ගෙන පිවිතුරුය
පසෙක සුපුල් සල් කොළොඹි'එ විසිතුරුය
සසක සහසකර කිරණෙ'වි නොව'තුරුය
දෙසෙක සුපිපි සපු නා කිණිහිරි තුරුය

(c) Shilpa Sayura Foundation 2006-2017