3 වන පරිච්ඡේදය
 

ගුවන පැතිරි රිවි රැසිනේ
එවන බියෙන් සැඟවෙමිනේ
සැලෙන අඳුරු කැටි ලෙසිනේ
එලෙන වවුලු කැලන් පෙනේ


එවන රජුගෙ තද තෙද මුළු
බමන විලස පෑ සුලකුළු
සරන විලස විලිකුළු මුළු
තමන ලෙසට බලග යහළු


නොමඳ රසින් රැඳුණු අවට
කරඳ කුසුම් දැක තුරු යට
විලඳ වෙදැයි සිත සැක කොට
සබඳ ගොසින් නොවන් නිවට


විසිර ගෙන ගඟුලැලි වැදේ
තවරගෙන මල් මුවරදේ
බමර රැවු ඇද මඳ නලේ
පැතිර එම මඳ නල විදේ


ගිමන දුර පලවන නිසා
සලන මිණි තල් වට ලෙසා
යනෙන යුග පියපත් ගසා
දකින සිය සියොතුන් රැසා


සරද නුබ තුරු වැළ ලෙසේ
නොමඳ පිපි කොඳ මල් රැසේ
සබඳ ඉඳ ලිය මඩු කුසේ
පැහැද විඳ වන පල රසේ


කොවුල් කුල් නා නොකමසේ
සුපුල් මල් රැඳි තුරු හිසේ
කමල් විල් වෙත මුව රැසේ
විසල් වල් දැක ගොස් තොසේ


ඇවිටු වලා දිය ගෙන සිඳු මැදට බැස
වෙරළ වලා සිටි යනු බැරිව නුබ කුස
නොමඳ වලා කුළු ලෙස දිසි ඇම දවස
මුහුදු වලා තුරු පෙත වැද ඉඳ සතොස

(c) Shilpa Sayura Foundation 2006-2017