විරිදුන් හැර දුරම
වැද රද නීති අසරම
දැන අවි සිප් සරම
සියල් කවි නළු ඇසි නොහැරම
රැක සිරි ලක ලකළ
සව් සත සතන් තුටු කළ
අප නරනිඳු උදුළ
ලොවට බට පින් පිඩෙක නිකසළ
කුලුණින් දුක්පතින්
තියුණු නුවණින් වියතුන්
විකුමෙන් බලවතුන්
නිබඳ දෙන මහ දනින් නිවතුන්
මෙතින් නරපතියන්
නිසි තනතුරින් මැතියන්
වැඩුමෙන් කුලැ'තියන්
පතර බැති පෙම් සිතින් යතියන්
තෙපලෙන් සුබැසියන්
ඉසුරින් සිය කුල සියන්
විලසින් විලසියන්
මෙලෙස සිත් ගතිය ලෝ වැසියන්
තම කුලයට මතුත්
වන ලෙසට ලක එකසත්
පෙන්වා රජ සිරිත්
විය මනු නිරිඳු මෙන් මැදහත්
පිවිස මුළු ලෝ කුස
යුග කෙළ සයුරු ගොස ලෙස
මැඬ රුපු රජ යසස
කොතැන නොපතළෙද මොහු ජය ගොස
දිසි දස දෙස ගොසින්
මොහුගෙ අණ සක වෙසෙසින්
සැණ මල්දම් ලෙසින්
කවර රද නොදැරිද සිරසින්
සිටි මුළු ලොව දිලී
මොහු අණ මිසක් නිමලී
කවරෙකු අණ බලී
වීද පර රජ ගජන් හැකිලී
වසන හැම දුදුළේ
රුදු රුපු රදුන් දපළේ
උවිඳුද පසු කෙළේ
කවර විකුමන්ද මොහු නොකළේ
රුදු රුපු රදුන් දපළේ
උවිඳුද පසු කෙළේ
කවර විකුමන්ද මොහු නොකළේ
දස දහසක් යොදුන්
දඹදිව දිනූ විරිදුන්
දම්සෝ නරනිඳුන්
මිසක් කවරෙක් සරිද මෙරදුන්?
දඹදිව දිනූ විරිදුන්
දම්සෝ නරනිඳුන්
මිසක් කවරෙක් සරිද මෙරදුන්?
අම්බලමේ නොමඳ
දන රැස් උනුන් මන් බැඳ
මෙලෙසින් කියන සොඳ
තෙපුල් තා අස අසා උන් සඳ
දන රැස් උනුන් මන් බැඳ
මෙලෙසින් කියන සොඳ
තෙපුල් තා අස අසා උන් සඳ
සරණ'වි රැව් කෙරේය තුරු සිරේය
පැහැද බිගු හැසිරේය පුල් සරේය
තුමුල් ගන අඳරේය හැර දුරේය
අරුණු රැස් පැතිරේය පෙර ඹරේය
ඇසේ මඳ පවන් - වැද ලෙළ දෙන ලිය වදල
සහයුරු පලු කසට කට - පරපුටු තෙපුල් මඳ මඳ
පැහැද බිගු හැසිරේය පුල් සරේය
තුමුල් ගන අඳරේය හැර දුරේය
අරුණු රැස් පැතිරේය පෙර ඹරේය
ඇසේ මඳ පවන් - වැද ලෙළ දෙන ලිය වදල
සහයුරු පලු කසට කට - පරපුටු තෙපුල් මඳ මඳ
