5 වන පරිච්ඡේදය
 

කළ යුදෙහි රිදවා
එනිරිඳුහු ලුහුබදවා
ඔහුගෙ ඔද සිඳවා
මයිල් නෑ-බෑ-මලුන් බඳවා


මැති සෙනඟ සලසා
යාපා පටන නොලසා
ගෙන අදහස ලෙසා
තිබිය-පස් වා දහස් යසසා


මෙනර පවරායා
හළ නැව් බඩු පුරායා
අතර උදුරායා
ගතැයි රාමන් මලවරායා


දඹදිව සොළී රට
අදවිරරාම පටනට
මහ සෙනඟ යුදයට
යවා මහ නැව් පිටින් එක විට


නිබඳ බඳ යුද සොඬ
දෙමළ බළ සෙන් මන් මැඬ
දඹදිවි තල නිහඬ
කෙළේ සිරි ලක්දිවට දිය වැඩ


සිය ගණනක් මෙසේ
රුදු රණ දිනා වෙසෙසේ
දැක්වී යස රැසේ
මහලු පෑරකුම් නිරිඳු විලසේ


වැඳ ඔහු පද කමල
ලැබ සවි ඉසුරු මන කල
සොළී පාඬි කෙරළ කුල
නොයෙක් නිරිඳෝ සිටිති ඇම කල


මනු නීති දස රද
දහමින් ලොවට අග රද
අප නිරිඳුට පැහැද
පඬුරු නේවන කෙනෙක් කවුරුද?


මුනි බණ අසා නිති
අප හිමි තියුණු නුවණැ'ති
සසමය දැන පැවති
මිලිඳු රජු සේ විය දැනුමැති

(c) Shilpa Sayura Foundation 2006-2017