4 වන පරිච්ඡේදය
 

තෙවිකුම් විකුම් ඇති
අප හිමි දිනිඳු කුල පති
පෙර නිරිඳුන් අයති
නුවූ දස'ටක් වන්නි ජය ගති


තමන් සිළුමිණි දෝ
සිලිලින් සරණ කර දෝ
රජු ඉඟි දැන සොදෝ
සිටිති සිරි ලක සියල් නිරිඳෝ


මුළු දඹදිව අවට
බැලුවත් දෙරණ විකුමට
මෙ අප නරනිඳු හට
ඇද්ද සරි වන රජෙක් මෙකලට


බෙලෙන් බල දෙව් යුත
අප නරනිඳුට සිරිමත
නොවි නිති අවනත
කවර නිරිඳෙක් ඉදිද මෙදියත


තම තෙද අණට උදු
හිමි කර සතර දලනිදු
පිම්බූ සැඬ විරිදු
පසිඳු කන්නඩි නිරිඳුගේ රුදු


දස ටක් ගිරි දුඳුළු
ජය ගෙන විකුම් තෙද රළු
හළ දළ රුපු අඹුළු
දරුණු මර සෙන් අයුරු බළ මුළු


අඹල මෙර මත වැද
වෙරළ ගල සිඳු දිය කඳ
ලෙස කර ගෂ නොමඳ
අවුත් වන් සඳ යුදට බළ බඳ


යුද ඔද පසින්දා
ඔවුන් බැඳ ලුහුබන්දා
යස දසත අන්දා
කෙළෙය මුළු දඹදිවට නින්දා


මෙලක නිරිඳුන් හට
අවනත නොවූ පෙර සිට
ආරිය සක්විතිට
නොමඳ බල සෙන් යවා යුදයට

(c) Shilpa Sayura Foundation 2006-2017