අම්බලමේ කතා
 

සබඳ, තොප එහි නිවාස ග්රහණය කොට උන් කල්හි ඒ විශ්‍රාම ශාලො'පගත නෛක ජන සමූහයාගේ මෙබඳු අන්‍යෝන්ය වර්ණනාලාප විශේෂයකුදු පවත්නේය. එද තා කර්ණයට ස්වර්ණාලංකාර කර.


සපැමිණ දෙස තුරින්
සරනසව මග යතුරින්
සැදි නන් පලතුරින්
තුටුව සැතපුණු දනන් අතුරින්


අවා මග අවරණ
සිදු කරන සැප අපමණ
ඉගෙන-ගෙන එළු බණ
කියති සමහරු බුදුන්ගේ බණ


අයෙක් මිස දුටු ගත්
නොයෙක් කවි නළු රස දත්
පෙර තම-තමනු'ගත්
රාම සීතා කතා තෙපලත්


සමහරු උදාරා
උනුනට දෙමින් වාරා
බසින් බස සාරා
කියති සිත් නාම බැඳ තෝරා


වෙන වෙනම පැසී
කියමින් උනුන් වාසී
සමහරු සිනා සී
කියති සිවු පද දෙ-පද රාසී


රුපුන් මන් බින්ඳු
දිය දද දිගත රැන්දු
රුදු නමිනි බැන්දු
කියති සමහර අයෙක් සින්දු


නරනිරිඳුහට සොඳුරු
බඳ යස සෝලෝ විසිතුරු
දැන පදරුත් මියුරු
කියා වන - පොත් කෙරෙති සමහරු


සමහරු උන් බසින්
පිබිඳ ඉඳ ගෙන සතොසින්
පවසති සැඬ ගොසින්
නිරිඳු විරුදාවලී වෙසෙසින්

(c) Shilpa Sayura Foundation 2006-2017