මාර්ග වර්ණනා 3
 


මත්වන අබින් කංසා කා රළු පරළු
අත්තන කුසුම් රත් මල් කනැලා ලකුළු
ගත් වන මුගුරු ලෙළවා ඇද ඇද රවුළු
සිත් මෙන බමන බබුරන් රඟ බල යහළු

 

නොබැඳ විදෙන වරලස මල් පිටින් පිටින්
නොහැඳ තරව ගිලිහෙන සළු පටින් පටින්
පැහැද ත-වෙත දිව එන ලිය වටින් පිටින්
සබඳ නොසිට යාගන් බෙන්තොටින් තුටින්

විඳිනාසේ මතු සඟ මොක් සිරි නොමඳ
වන වාසේ වෙහෙරට ගොස් වැද සබඳ
දුටු වාසේ දිවමන් මුනිඳුන් පැහැද
සිට බෝසේ බුහුමන් කෙරෙමින් නැමඳ


දිව'සර කය රුසිරින් පෑ දන සකය
සැදි අලකය ඇදි නළලතෙහි තිලකය
සිටි නිසැකය ළද කොමළ'ඟනන් දැකය
පරතර කය වැද යව මග නොවැළකය


එළිකොට අවට රිවි බට සිඳු මැඳුරතට
එක විට ලොවට එළිබට ගන'ඳර කඳට
රොසකොට යුදට අඹරට සඳ එන කලට
වැලිතොට ගමට ලැගුමට ගොස් මඟ නොසිට


නිල් පැහැබර කොළ අතු මැඳුරු විසිතුරේ
දිගුතර සර කඳු මහ වීදි මනහරේ
රැඳි පිය කර බිඟු දද සෙනඟ නොවිතරේ
තුරු කඳවුර සැතපෙව අම්බලම කෙරේ

(c) Shilpa Sayura Foundation 2006-2017