සිඳුරුව උදය ගිරි ගප් දැඩි කුඹු තලට
වළබව අඳුරු දිය පිරි නුබ සමුදුරට
පහළව රත'ඹරෙක ලෙස ඉඳුරු දිග'ඹට
සොඳුරුව අරුණු රැස් පැතිරෙයි පෙර'ඹරට
දරුණු උලැති කෝ නල වන් සිත් සතන
කුලුණු සිහිල් මෙත් ගුණ පහ වන ලෙසින
අරුණු කිරණ රැස් පැතිරී පෙර දිගින
පිරුණු තරිඳු රැස් තුරු වියැකෙයි ගුවන
පියුමා කර මඳ මඳ පුබුදින තඹර
ඇසුරු කර හෙන බිඟු දැල් දිසි එවර
සිලිලා කර වෙත ගම් බිම් දැක නොහැර
තොද යාකර සෙද සිත සතොසින් මිතුර
මාර්ග වර්ණනා 3
පතඟ කිරණ දුරු කළ තුරු සෙවනැල්ල
නරඟ රඟන රඟ බිම් රඟ සුදු වැල්ල
සිතඟ ලෙසට පිය ලන පිය ලිය ගොල්ල
බලග මිතුර පෙර මග සැදි කලමුල්ල
පයියා ගල වෙහෙර - මුනි රූ බලා වෙසෙසින්
වයියා කරන් මනරම් - පල'රම් හිසින් සතොසින්
සිත් සනහන රන් ලවනත බිඹු පලය
වෙත් වන සත මත්වන මියුරු තෙපලය
අත්වන සකි නෙත්යුග තගෙලත් පලය
මත්ගොන කෙළි යුත් ලිය සැටි දැක පලය
රන් පන් සවන් යොන් ලිය රඳනා නිමල
සන් රන් රුවන් සල්පිල් සොබනා ගෙවල
බන් නන් දෙදෙන් බබළන සිඳු නා අසල
මන් සන්තොසින් තො ගොසින් වඳු බේරුවල
සන් රන් රුවන් සල්පිල් සොබනා ගෙවල
බන් නන් දෙදෙන් බබළන සිඳු නා අසල
මන් සන්තොසින් තො ගොසින් වඳු බේරුවල