සන්ධ්‍යා වර්ණනා
 

පබඳ දිලෙන දිනමිණි මැද මිණිනි බඳ
නොමඳ වොරැඳි සඳ වෙල අබරණ පැලඳ
පැහැද සොබන පැළ දිග'ඟන දුට සබඳ
එසඳ සිතෙයි තුඩු රසිනු'දුල තගෙ ළඳ


අවර ඇදුරු මෙහෙසුරු රිවි දළ නෙතින
නොහැර දිනන දින මින්දදහු වෙසෙසින
පැතිර නැඟුණු නල සිළු ගිනි රොන් ලෙසින
එතර පෙනේ සඳ වෙල තුරු මඳ-මදින


විදා සිනිදු සුදු රැස් දිගු පිය පතර
නඳා සුපුන් හිමකර පියකර තිසර
සඳා සිත'බ සියපත් නුබ තඹර'කර
උදා දෙසෙන් වැද එන රඟ බල මිතුර


වියත උදුල කිරණ'ව රළ පැහැ පැහැය
දිගත විසුළ සුර ගඟුලැලි දිසි විලස
දියත පතළ පිරිසුදු සඳ රැස් වෙසෙස
තනෙන පුරා දකු දැහැ ගතෙහි සරතස


පලග ගහණ කළ සඳ විහිදුණු විසද
සමග කලා වැද නොහැසුණු මැද හිරද
මතඟ ඉසිහු බට මග තව නොමැකුණද
බලග මෙබදු සැක බඳ සඳලප සබඳ


තුරු වැළ උදුල සඳරැස් පිරි නුබ ගැබද
බිගු රැළ මුමන පිරි පුල් මල් වන හිසද
ලෙළ රළ වතළ පෙණ පිඬු සැදි සමුදුරුද
මන දොළ වඩා දැක දැක උන් සඳ සබඳ

(c) Shilpa Sayura Foundation 2006-2017