දිය කෙළි
 

සිට ගඟ ඉවුරෙහි සෙද නොහැලියා
මන රඟ මල'වල මුදු වරලියා
කොමළඟ පැන හෙන රඟ උදුලියා
වියොවග දද ලෙළ සිරි කියෙලියා


කෙළනා ලිය පියොවුරු බිත ගැසෙමිනි
විදුනා රළ රොන් වැද වැද වෙසෙසිනි
සොබනා සොමි වුවනත නඳ විලසිනි
රඳනා අම කිරණින් පිරි සඳ වැනි


කියමින් වෙන වෙන වාසි පැ බල
ඉඳිමින් දිය තුළ නොපෙනී බෝ කල
පෙනෙමින් තැන තැන විදුලිය සේ දුල
ගසමින් කෙළ කෙළ යෙනි දිය කෝකිල


විලසින් දිය කෙළ කෙළ යන නොමැලී
වෙසෙසින් නැඟි රළ රොන් ගඟ ඉපිලී
පහසින් තම එක සරි යැයි එකලී
සතොසින් ලොමු දහ ගත් සිරි කියෙලී


කොමළ'ඟනක වුවනත උඩුකුරු කොට
තම මුහුල'ත් බැඳ පිහිනනු දිය පිට
හැම සියපත් හැකිළෙනු සොමි තරිඳුටු
මෙම රඟයයි පානා වැනි දිනිඳුට


ඉසිරි දිසි දිය දහරින් අඹරා
සසරි හුණු ඉඳු - සැවු සිය පතරා
විසිරී ගිය ගඟ ලතු කොකුම'ඟරා
අසිරි සිතුවම් දැක්වි එතරා


නඳනා දන නෙත් පැහැ ලණු ලා සිටි
අඳනා මෙන් තම තම වෙත දෙ තෙරට
පිහිනා යන එන අඟනන් දිය පිට
බඳනා වැනි රන් හේ තෝප යතුරට


සෙදනා ලොවිනා ළඳුනා ලෙසිනා
රළිනා ලෙළෙනා සොබනා ගතිනා
නඳනා ගඟනා කෙළනා ලියනා
දකිනා මතිනා හදනා තොසිනා


සොබනා තුනු රුසිරින් දනමන් බැඳ
ලෙළනා නිලඹර රන් දදමෙන් සොඳ
රළිනා ගැලි'පිලෙමින් සතොසින් වැද
කෙළනා සඳ මෙලෙසින් අඟනන් ලද


කෙලන ළඳුන් සොමි වුවනින් දිනනුවට
මෙන් තුරුසෙන් ගෙන එන පුන් තරිඳු හට
නුඹ වෙසෙසින් අවසර කර යන ලෙසට
බල යසසින් යනු රිවි බිඹු පැළ'ඹරට

(c) Shilpa Sayura Foundation 2006-2017