ඩෙවෝනියන් යුගය Devonian
 

408 - 360 MYA
මේ වන විට මහද්වීප ස්ඛන්ධ තුනක් විය. උතුරු ඇමරිකාව හා යුරෝපය සමකය අසල එක් මහද්වීපයක් විය. දකුණු ඇමරිකාව, අප්‍රිකාව, ඇන්ටාක්ටිකාව හා ඉන්දියාව එකක්වද ඕස්ට්‍රේලියාව එකක් වශයෙන්ද වීය. භූ චලන නිතරම සිදුවූ අතර ඇපාචි කඳු සැකසිනි. මහද්වීප වල මහත් ප්‍රදේශයක් මුහුදට යටව පැවතිණි. දේශගූණය උණුසුම් හා ජලවාෂ්ප සහිත විය.



මුහුදු කෙමෙන් වැසෙමින් තිබූ අතර මූලික පැන්ගියාව හැදෙමින් තිබිණි.  කරදිය මසුන් මිරිදියටද , මිරිදිය මසුන් දකුණු අරධ ගෝලයෙන් උතුරට යද්දී සමකය ආශ්‍රිතව ප්‍රථම වනාන්තර සෑදිනි. ශාක පටක පරිණාමය වී මුල් වලින් පත්‍ර වලට ජලය ගෙන යාම සිදුවීම නිසා ශාක වර්ධනය හා පැතිර යාම වේගවත් උණි.



ප්‍රථම මූලික කෘමීන්

කාලය සමග කුඩා මුහුදු ජීවන ක්‍රමයෙන් ගොඩබිමට ආහ. සියපාද හා දහස් පාදයෝ (centipedes and millipedes) මින් ප්‍රථම කෘමීන් වූහ. ඔවුන් මූලික මුහුදු ගෝනුස්සන්ගෙන් හා රජ කකුළුවන්ගෙන් පරිණාමය වූ අයය.

ගොඩ බිමට ආ මුහුදු ගෝනුස්සන් හා රජ කකුළුවන් ගොඩ ගෝනුස්සන් හා මකුළුවන් බවට පරිණාමය වූහ.


ගොඩමිම ප්‍රථම ශාක ඇතිවීම
ඇල්ගී හා බැක්ටීටියා කොළණි තට්ටුවක් රතු පැහැ පොළව මත එකතුවීම නිසා උපරිම උස මීටරයක් පමණ වන පරිදි මීමන ආදී බීජ ශාක වැවුණි. මෙම ශාකවල පත්‍ර ඉතා මද වූ අතර බොහෝමයක් ඉත කුඩා ශාක විණි.

ප්‍රධාන වශයෙන් Rhyniophytes මූලයක් නැති වතුර හා ලවණ උරාගන්නා එක් අලයක් ඇති වර්ගයකි. Zosterophyllophytes , Lycopods, Trimerophytes වර්ගවල ශාක වඩා සංකීර්ණ වාහිණි පද්ධතියක් විය.


 


 

මෙම ශාක අතර ප්‍රථම කෘමීන්ට වාසස්ථාන විණි. ඩෙවෝනියන් අවසානයේදී මීමන ආදී ශාක මූලයක් හ පත්‍ර හා උස සහිත ලෙස පරිණාමය විය. සමහරකට ඝණකම් පිටපොත්තක් ඇතිවිය. මේවා ලොව ප්‍රථම වනාන්තර වීය.

 


 
ඩෙවොනියන් යුගයේ මුහුද
කොරළ් පර බිහිවීම දිගටම සිදුවූ අතර, බෙල්ලන්ගේ කටුවලින් හුණුගල් අවසාදි ඇතිවුනි. මුහුදේජීවී විශේෂයන් විශාල  ගණණක් වූ අතර ඩෙවොනියන් යුගය අවසාන වන විට ඔවුන් සෑහෙන ප්‍රමාණයක් වඳවූහ.

 

 

 

මූලික උභය ජීවීයා Primitive amphibian
ලැටමෙරියා Latimeria නම් සරළ වර සහිත ,මිරිදිය මාලුවෙකු තම වරල් පා බවට පරිණාමය කරගනිමින් ගොඩබිමට ආවේය.



 

ටෙට්රාපොඩ් Tetrapod
තවත් ප්‍රධාන ජීව විශේෂයක් ද  ගොඩබිමට ආවේය. ඔවුන් ගොඩබිම ප්‍රථම පෘෂ්ඨවංශිකයින් වූ අතර සතර පාද සහිත යන නමින් ටෙට්රාපොඩ් ලෙස හඳුන්වයි.
 





(c) Shilpa Sayura Foundation 2006-2017