වෙනේ මියුරු පල රස විඳ මග දෙපිට
සෙනේ වඩා වැද සිය නෑ සිය වෙතට
මෙනේ ගිමන් දුක් දුරු කර ගිය තොපට
පෙනේ සොඳුරු පලතුරු මෙගොඩ කළුතොට
උඳු මුං තල කලත් මාරුතු තණ විවග
දෝතලු තල් තැඹිලි අඹ රඹ උගු සමග
ඇම කල් සැදි නොයෙක් කෙත් වතු දැක එමග
මඳ තැන් තොසින් තොගොසින් මිතුර මන රඟ
ලක කොමළඟ සමනොළ ගිරි හිසින් ගොතා
හළ මන රඟ මලිගිය මල්දමින් යුතා
වරලස රඟ පෙන වැළ හැලි සියෙන් ඉතා
දිලි කළු ගඟ ළඟ වැද හරු ගිමන් ගතා
ගිමන නිවන සිසිලස තරඟ රොන් වැද
බමන බමර රැවි සහ මල් සුවඳ හැද
ගමන සිනිඳු මඳ නල පහස විඳ විඳ
තමන නඳන විසිතුරු තුරු සිරෙක හිඳ
සුර ගඟ දිය කෙළනා සුර පුරඹා
තුනු වඟ සිරි සොඳ රුසිරින් පසුබා
තම රඟ දුටු සත සතනද කලඹා
බල ගඟ දිය කෙළිනා ලිය සසොබා
![](/sayura/images/logo2.png)