සවන් පුදට සපැමිණි බැලුව කොමළයෝ
නුවන් කැලුම් වැද තුඩ මලින වෙයි තගේ
එවන් කිලුටු වන තෙක් නොසිට උන් ළගේ
පවන් මගට වැද යා - ගන්න මන රඟේ
සිත් එඩියෙන් යුද කර තම හිමි යෙහෙන
ලත් පඬියෙන් සතුටුව ඉඳ මන මතින
මත් වැඩියෙන් ලිය ගී කියන තැන තැන
අත් තිඩියෙන් යව ළද දැක සොබන
පළ පළ පොරැ'න යන - ගව මී රළ ගිගිළියෙන්
ගවපල් කෙළින කෙළියෙන් - යව ඉටු මොරටු එළියෙන්
සබඳ මඳක් තැන් ගිය මඟ දකුණු පසේ
විහිද තිබෙන වලු බර පොල් උයන් රැසේ
නොමඳ තරඟ පහරට බියව නොකමසේ
මුහුද කැලුම් රැස් වු වැන්න වෙරළ'සේ
නිලඹරේ වැජඹෙන ගන කුළු ලෙසට
මූදුතෙරේ යන එන නැව් පෙනෙය තට
පැරතරේ පිය දුක් නොසිතා ගතට
පාණදුරේ ගඟිනේ'තෙරව යව එපිට
කන ලා උපුල් මල් ගවසා කෙස් වැටිය
බිඳ-ලා පොකුරු කුරු කර මුතු හර සැටිය
බැඳලා ගවන් වෙන ගවපලු ලිය සිටිය
නොබලා මිතුර යා-ගන් මඟ පොතුපිටිය
දුල් පටු නළල් තලාය දී තලාය
පුල් රතු උපුල් මලාය සවන ලාය
ගල් කුළු මුදුන් වලාය සිටි කලාය
ඇල් ගෙවි ලියන් බලාය තෝ පලාය
ශිල්ප 64