2. වන පරිච්ඡේදය
 

දිනිතිය දිවයුරට - අදිතිය අයුරු රිවි කුල
ලෙවු වැසි මන් තුටු කර රැඳි සුපිරිසුදු
මවු බිසොවුන් යදෙසා අප නිරිඳු සඳු
කරවු තුනුරුවන - සතු සොඳුරු වන වෙහෙරෙහි
මතු සග මොක් සිදුවන ලෙස මිතුර තට
සිතු සතොසින් සපැමිණ මුනි මැඳුරතට


සුගත් පසිඳු ගුණ වැකි මතිනි තුඬගය
මහත් සසර සයුරින් නැඟුණු නිසගය
කුසිත් තබා කියමින් මුනිඳු ගුණගය
පිනත් බඳුව වැඳ පෙති පිළිම මහගය


බිතු සිතුවමට ඇඳි පෙලෙනු'දුල අඹ තුරු
අතු අත රැඳි ගිරවුන් සැටි දැක සොඳුරු
තතු නොම දැන ලොබ බැඳ වැද නොව නිසරු
සිතු තුටු කර දැක එහි නොයෙක විසිතුරු


වසවතු දප් බිඳ බුදු වු ගුණ නදන
අප දිය බප් මුනිදා ගැබ කර නදන
කල මුළු කප් පවතින ලෙස කළ නඳන
වඳු දහ ගැප් වඳිනා සඳ දින නඳන


නිසග'පවග දෙන මුනි උපදිනා දිනේ
සමග ඉපිද පිහිටව පැවත නොමදිනේ
ලොව'ග පුදද ලද දුම රදුට සබදිනේ
සසග සැපත් සිදු වන ලෙසට නමදිනේ


එවෙහෙර'තුර රඳන - මනහර මහරු සඟ ගණ
මෙතින් සොඳුරු පිරිසුදු හිය මගෙහි යොදා
නිතින් ති-ලෝගුරුහට පිළිවෙතින් පුදා
හර දළ නෙත'ග වන් - හිව් තව තෙදින් බබළන
අමා කර සුතුරු විනය බිඳහමි පෙළ
තමා නැණ තිරිඳු කිරණින් උදම් කළ


නොමඳ වියත් ගඟ රළ වැළ සේ පුබුදු
නිබඳ දිමුත් සිවු පිරිසුදු සිල් පුරුදු
පැහැද මහත් මුනි බණ දෙසුමෙහි පසිඳු
නැමඳ සුනෙත් මහදෙව් පිරුවන් තෙරිඳු

(c) Shilpa Sayura Foundation 2006-2017