නොමඳ තෙදැති සිරි පැරකුම් නරපාය
පැහැඳ සඟන ගෙන හිමි බැඳ ගළපාය
නිබඳ පොහොය කරවන ලෙස කළ පාය
සබඳ වඩන දැක නෙත සිත සතපාය
වටින නොයෙක් බඩු ඇර ගෙන ඇම දාම
වටින මිලට නොවිකට කොට වෙළඳාම
සිටින ලියන් දැක සිහි කර බණ දාම
වඩින කෝම් ගස සෙවණේ නොරඳාම
ගවසා සුනිල් වරලස කුසුම පටියෙන
වෙහෙසා තනන තන රන තිසර පැටියන
සහසා දිවෙන ලිය දැක තගනු අටියෙන
නොලසා මිතුර යා-ගන් නෝසිට යටියන
පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන
රිවි නුබ ගැබින් බැස - හෙත සිඳු බැබළියානේ
සකී නුබ ඔබින් ගොස් වැද - වෙහෙරට පැපිළියානේ
පුන්සඳ කිරණ එන නුබ ගඟ වතුර ලෙස
නන් කොඳ කුමුදු සමඟව දිලෙන තුරු රැස
දුන් සඳ මුනිඳු පුදයට පසඟ තුරු ගොස
මන්බැඳ ලඟින් පවුර'ස මියඹ තුරු හිස
රඳා මුහුද රත් මිණි කිරණින් වෙසෙස
උදා දිනිඳු රතු කර සිය රැස් සහස
උදා ගිරග වැනුවා මෙන් ඉඳුරු දෙස
එදා අරුණු දිසි සඳ නුඹ ගසින් බැස