2 වන පරිච්ඡේදය
 

ළකල් මිණි බ්ම් බිතු - කැල්මේ ගැලී නොපෙනී
ලිය ගී ලොබින් නොම සිට - එසෙබෙන් අවුත් මඳ තැන්


පෙර උවිදා ගෙන ගී රිඳා කිරි සයුර
කලඹනදා නැඟි නොමඳා ගොස අයුර
තුරු සමුදා නද ඇමදා දෙන නොහැර
වැද දළදා ගෙට දළදා වඳු මිතුර


දළදා පුදට දිව සෙන් එන ගුවන් මග
ඇමදා දිලෙන දුටුවන් කර නුවන් දඟ
විහිදා කිරණ බබළන රන් කැරලි අග
සුසදා මඳක් ඉඳ බඳ අගමිණක් රඟ


තෙල රතු ඔබ තුඩඟින් මැද පියාසර
සලසිත් නොවී සතොසින් කොට පියාසර
නිලපුල් කලබ විලසින් යන පියාසර
නිලඹර අරා කෙරෙමින් සෙද පියාසර


සරිවති දිව පුර සුර කුමරුවන් මිළි
සුරුවතුරුව ඉඳ නොව නුවරුවන් මැළි
තරව ලොලව තබමින් රන් රුවන් කිළී
ගිරව බලව කෙළනා සොඳ රුවන් කෙළි


නිතොර ගිගිරි දෙන මිණි සලඹ ලාගෙන
අදර සරණ අතුලෙන් සඳ වලාගෙන
පැතිර යනෙන මනහර සුරඹ ලාගෙන
පවර පුරඹ රඟ වේ මග බලාගෙන


දිමුත් සඳලුවල කෙළනා ළඳ අදර
සුරත් බැබළි බිඹු පල යයි කර අදර
පුවත් නොදැන ගොස් අසු නොව සෙද මිතුර
අවුත් සොඳුරු විසිතුරු මේ වෙහෙර තුර


සැදි මුනි සඳ සසුන් - නැව ගන කසුන් කුමි යුරි
සිවු පිරිසිදු සිල් සිවු රඟ සෙනඟ ගෙන
පවු බල රුදු මල්සැවු දළ දප හරත
විනය නය දම් නය - දැක දැන නුවණ පහනින
දහම් විදුරු පාරින'රින පිළිඇඳුරු
දහම් ඇදුරු මාහිමි සඳ සහ සොඳුරු


යහපත් සිල් සුවඳ විලවුන් ගෙන නිබඳ
පිරිමෙත් නැණ කුලුණු මිණි අබරණ පැලඳ
දිය සෙත් කර රඳන කෙලෙසුන් සිඳ පතිඳ
පිළි වෙත් සරු මහරු මහ සඟ ගණ නැමඳ


පොරණ රුසින් කී තෝප යතුරට පවර
ලද නිදොසින් රිවි දින නෑකත දිනකර
කුමරි රැසින් කිවි සුරගුරු සිටි නොහැර
මිතුර තොසින් වඩු සිහි කර මෙත් සුතුර

විලඳ රැදුණු මී මී අඹ පල රසැති
සොඳට පැසුණු දෙළුමුදු දිගු උගු කැමති
ගෙනෙන තුරුණු කොමළඟ ළඟ පැවති
ත-යන දකුණු දිග මග මඟ පෙර නිමිති

(c) Shilpa Sayura Foundation 2006-2017