මෙනිරිඳු මෙවන් ගුණ - මිණි රැස් අද නදත්හි
කෙරෙමින් නදන් සී අස් - නොවිහිද අදර අදහසින්
සුර ගඟ තරඟ වැළ - මැද වන් සපුන් සඳ රඟ යෙදූ
බඳ සෙල් වියන් යට වට මුතුලැලින් යෙදූ
මනකල් නිමල් දළ පුඩු සේසතින් රැදූ
හැම කල් දිලි විමල් - හර සෙල් සදිසි සිහසුන
සරා උදය දිවයුරු විලස නුබ ගැබේ
සරා බරණ කිරණින් එකෙලි කර සබේ
රන් මිණි වළලු නද දෙන කොමළතින් ළඳ
දුන් සුදු සිනිඳු වල්විදුනා පවන් විඳ
නන්සුර සෙනඟ මැද වන් සුරනිඳු සෙ නඳ
උන් සඳ පවර සිරි පැරකුම් නිරිඳු සඳ
සුරඹ ලෙසින් දන මන නෙත් ඇඳ වෙතට
සළඹ ගොසින් රන හස රැවු නිසරු කොට
නළඹ තොසින් දෙන රැඟුමට පළමු කොට
මෙනුඹ ගොසින් වැද එනිරිඳු සබ මැදට
සුබඳ සියල් සිවු වේ දැන පිවිතුරුව
පෙලද කසුන් හූ අබරණ විසිතුරුව
නොමඳ පෙරෙවි බමුණන් සිට නිරතුරුව
එසඳ කියන ජය තුති නද දනතුරුව
ඉගෙන අදිකරන දැන රද නිය නොයෙක
නිතින පෙමින් මුළු සත් වග රකින ලක
එදින පැමිණ කටයුතු දන්වා නිසැක
සිටින දෙපස හැම මහ මැතිවරන් දැක
මුදලිඳ බෙයද මුල සැඩ නෙලෙනි ඇම කලා
වැද වැද උලැඟි වන සිඳු තරඟ සිරි සුලා
රද පද තඹුරු කිරුළග මිණි රසින් ගලා
වැඳ වැඳ නැගෙන පිරිවර නරනිඳුන් බලා
දෙසතුරු ඉසුරු නිරිඳුන් පියෙදු ලකුළු
විසිතුරු මහරු මිණි මුතු රන් පට පබළු
පිවිතුරු කපුරු කස්තුරු නිසි කසී සළු
පියකරු පඬුරු නරනිරිඳුහට පෑ පැසුළු
පරසිදු කිවිඳු තෙපුලෙන් බැඳි දසට රට
මෙනිරිඳු විරිඳු නම් නොහැරම තෙසිය සැට
ලෙළ විදු රතත් රැඳි වැද ගණ සිට දෙපිට
දලනිඳු ගොසෙවි තුති ගොස කර නැවති විට
ලියන කියන ලිය ගී රස විඳ නොහැර
වියන රඳන මිණි කිරණින් උන් පවර
නයන නඳන පැරකුම් රදු දැන එතර
තයන ගමන සැළ කර සෙද ගනවසර
![](/sayura/images/logo2.png)