2 වන පරිච්ඡේදය
 

සොබන නොයෙක් පහ මිණි බිතිනි මනහර
පෙනෙන උදය දිවයුරු මඩල පැහැසර
රඳන මෙපුරවර කුලඟන මුව තඹර
බලන වැන්න වැද වැද සිට මැඳුරතුර


සියල් සිරින් පිරි මෙනි පහ කැරලි අග
තුමුල් සුනිල් මිණි පැහැ පැතිර සුර මඟ
අසල් වමින් රිවි සඳු හට පලඟ රඟ
සෙවෙල් ලෙසින් දිස්නෙය ගොස් අහස් ගඟ


තනා පබළු මුතු මිණි අබරණ පැලඳ
පිනා සඳලුවල සිටි සුරඟනෝ ලද
මනා ළපලු පත් මල් පල ගෙන නොමඳ
කනා ලියන් වැනි රැඳි රන් ගිරි බෙයද


පියකරු තෙනෙන් පැරදි පිවිසි වන විල
පිවිතුරු හසුන් එන ලෙස යළි ගෙ-දිගු විල
විසිතුරු මෙපුරවර අඟනන් වෙමින් ලොල
පියයුරු පටින් බැඳ වසති සිතේ බල


කලා සපිරි සිසි වත මන කලා වන්
නිලා තිබෙන බැම බැම ඉඳු දුනු පිලා වන්
දුලා තනන තන රන හස පිලා වන්
බලා පයැ'ද යනු බැරි පුර කලා වන්


රොදක් කන අලක මුතු පට ගොතා බැඳ
සඳක් බඳු වුවන මඳහස යොදා නඳ
මඳක් මතු මහල සිටි එළි පෙනි සොඳ
උදක් සුරඟනන් වැනි පුරඟනෝ ළඳ


වෙරළ ඉඟිළ තුළ රළ වැළ ලෙස උලෙළ
නැබළ පවළ පෙළ ලෙළ වමිනි කෙළ කෙළ
කරළ කෙරළ මොළ බළ දළ දප පහළ
පුවළ සිහළ දළ බළ මුළු නිති ඔසළ

(c) Shilpa Sayura Foundation 2006-2017