දූත කාර්යය
 

එබව සිතා දැන් වන ලෝවැඩ පිණිස
තරව පතා නොවමින් මඳකුත් අලස
ගිරව මෙනා සිත වඩමින් පිය'දගස
අසව ඉතා සතොසින් ම කියන මෙබස


හරගිරි-රසිනු'දුල-දිනිසුරු අලකපුර යුරු


පසිඳු තරිඳු මෙන් මළු ලොව නිති බැබළී
නතිඳු සිනිඳු තුනු කැල්මෙන් වනෙ'කගෙළි


පෙර සිට ඉටු නොපටු - තොටගමු වෙහෙර විසිතුරු


තිරසර ගැඹුරු ගුණ පිරිසිදු පිළිවෙතින
මනහර මහරු සඳ ගණ සමග වැජඹෙන


තෙවළා රුවන'කර අඩු යටි කර රුවට
අලළා ගැඹුරු පද'රුත් මිණි දෙන ලොවට
තෙවළා වදනි'සුරු විජයබ තෙරිඳු හට
නොවළා ගොසින් මෙ හසුන් සැළ කරව සිට


එහසුන් මතු කියමි ඔබගිය සඳ සබඳ
තොපගෙන් පිළිවිසින දන විස්ම වන ලෙඳ
වෙසෙසින් මෙපුර සිරි වනනා ම බස් සොඳ
සතොසින් මිණිකොඬොල් ලෙස තා සවන් සඳ

(c) Shilpa Sayura Foundation 2006-2017