වසර මිලියන 410 - 360 පෙර
ගොනුස්සා වැනි ප්‍රථම හුස්ම ගන්නා (air-breathing) සතුන් බිහිවීම
පෘෂ්ඨවංශික එනම් කොඳුඇට පේලියක් තිබෙන සතුන් මුහුදේ බිහිවීම. හකුඇට සහිත මසුන් ඇතිවිම හා කොරළ් ඇතිවීම.
වාහිණික (Vascular) ශාක ගොඩබිමට පැමිණිම හා ප්‍රතම ගොඩබිම ජීවය ඇතිවීම.
පෘෂ්ඨවංශික එනම් කොඳුඇට පේලියක් තිබෙන සතුන් මුහුදේ බිහිවීම. හකුඇට සහිත මසුන් ඇතිවිම හා කොරළ් ඇතිවීම.
වාහිණික (Vascular) ශාක ගොඩබිමට පැමිණිම හා ප්‍රතම ගොඩබිම ජීවය ඇතිවීම.

සිලුරියනයේ ඇතිවූ ගිණකදු පිපුරීම් නිසා කඳු පද්ධතිය වෙනස් වීම්ද මහද්වීපික හැඩද වෙනස් කළ අතර කඳු උස්වීම හා මුහුද ගැඹුරු වීමටද හේතු විය. අයිස්, වැස්ස හා ගංගා විසින් කඳු ඛාදනය කර අවසාදිත මුහුදේ තැන්පත් වීම නිසා මුහුදු නොගැඹුරව හා පුළුල් වී පැතිර ගියේය.
කොරළ්පර ප්‍රථම වරට ඇතිවිය. ප්‍රථම හකු සහිත මාළුවන්ද, මිරිදුය මාළුවන්ද ඇතිවිය. ප්‍රථම වාහිණික (vascular) ශාක පොසිල ඇතිවිය.

මාළුන්ට හකු ඇතිවීම

කාලයක් ගත වන තුරුම මුහුදු ගෝනුස්සෝ වැනි සතුන් මුහුදේ රජ කළහ. ඔවුනට පිහිණිමේ හැකියාව, ඇස්, දත් හා පිට කොන්දක් තිබුණු අතර ප්‍රථම පෘශ්ඨවංශිකයින් ලෙස හඳුන්වයි. ඔවුන් කුඩා මෙන්ම අඩි විස්සක පමණ දිග අවස්ථාද විය.

ඩන්ක්ලියෝස්ටස් dunkleosteus
සිලුරියන් මුහුදේ සිටි ඩන්ක්ලියෝස්ටස් ට ශරීර සන්නාහයක් හා තියුණු දත් වීය. ඔවුන් මාංශභක්‍ෂික මෙන්ම ශාකභක්‍ෂිකයින්ද වූහ. පසුව ඔවුන් වඳවී ගියහ.

සිලුරියන් යුගයේදී කොරළ් වලින් මුහුදේ පැරණිම ෆොසිල සෑදිනි. ඒවා වලින් උණුසුම් මුහුදේ කොරළ් පර සෑදීම සිදුවිය.

මුහුදු මකුලුවන් හා ඉස්සන්ද මේ කාලයේ බිහිවිය

මුහුදු මකුලුවන් හා ඉස්සන්ද මේ කාලයේ බිහිවිය

කූක්සෝනියා Cooksonia.
ඇලගී සිට ශාකයක් පරිණාමය දීර්ඝ කාලයක් ගතවේ. සිලුරියන කූක්සෝනියා සෙ.මී. 4 කට වඩා උස නොවීය. එය ප්‍රථම වාහිණික ශාකය ලෙස සැලකේ. ඔවුන් බීජාණු (spores) භාවිතයෙන් අභිජනනය වූහ (reproduction) ජලයේ පාවීම සහ සුළගේ ගසාගන යාම ඒවාට විවිධ තන්හි බෝවීමට උපකාර වීය.

කූක්සෝනියා පොසිලයක්