ආසිරි
සැරද කිර රද සඳ - නන් වන් රුවන් රූ වන්
සහ'කුරු මියුරු තෙපුලෙන් - සව් ලෙව් සතන් හදනා
දූත ප්‍රශංසා
ඉඳු දුනු පැහැ දිනු - තුනු සිරිනු'දුල ම-මිතුර
ළඳ සොඳ අදර වැනි තගේ තෙල තුඩ දුටුව
ලොබ බැඳ අදර නොකෙරෙති කවුරු සතුටුව
වන වනපති තුරෙහි - පුර පුරපතින් මැඳුරෙහි
නඳව නිතොර ලැබ පිය පියකර පහස
රඳව පවර කෙළි කෙළ කෙළ හැම දවස
දිසි දියකුස හැම සියොතුන්ගෙන් ගුරුව
නිසි යසරැස කියවන නුවණින් සරුව
ඉසි වරලෙස නිති පණිවායෙන් දුරුව
රිසි පලරස විඳ සතොසින් දවසරුව
ලදයමි කෙනෙක් සරසවි බැලුම'සක් නිසි
කොතරම් වුවත් මළු ලොව කෙරෙති අතවැසි
එතරම් පසිඳු සරසවි දෙවිය අත වැසි
මනරම් කෙනෙක් තෙපිමය පරසිදු සුබැසි
මෙවන් ගුණෙන් යුතු තොපගේ පිය තෙපල
සවන් පුරා පැමිණෙත මිතුර මනකල
ලෙවන් නොයෙක ලෙස කීවත් සැප විපුල
නිවන් දකින තෙක් සැප නම් එමැයි බල
දිරා වැටෙන තුරු තුර නොහැර ඉඳ තොසේ
පුරා තනෙහි පරසිඳු මුළු තෙ දියකුසේ
ගිරා කුල උපන් සකි තොපගෙ සිත් ලෙසේ
පුරා මිතුරු දම් අමුතුව වනනු කෙසේ
පෙමා වඩන ඉටු සකි සඳිනි දස දෙස
යොමා නුවන බැලුවත් මුළු මෙලෝ කුස
මෙමා සිතන කටයුතු සිදුකරන ලෙස
පමා නොවන මිතුරෙක් නැත මෙතොප මිස
පක්ෂීන් අතුරින් තොපම දූත ක්‍රියාවෙහි යොදනු පූර්ව චාරිත්‍රයක්ම නො?
රැකවල් කළ කුවෙර අබතුර අඹතුරිනී
ලොහොදැල් තුළට වැද මී අඹ ගෙන දෙමිනී
පෙරකල් රජෙකු තුටු කෙළෙ ගිරවෙක ත-වැනී
එපවත් අසා සෙද සෙබළුන් යවා තද
මහසත් ගුණෙන් පිරි මහ ඔසු පඬි සඳ
දියසෙත් කෙළේ එක් කිරිඳෙකු සඳා වෙද