26 වන පරිච්ඡේදය
 

සිසිර කර කිරණ කිරණව තරඟ යුත
පතර යස රැසින් හෙළිකළ මුළු දියත
කුමර දෙවිඳු යුගසිරි සරණ සියපත
තසිර පැළැඳ සකි සැළ කරව මෙ පුවත


තිපු රදැවු හර දළ නෙතගෙව් තෙදණ
සපු ර කළ යසස් රැස ලොව තුළ වරණ
සපු සුරිඳුගෙ නමකර යුගසිරි සරණ
මෙපු වත සැළකරව මමිතුරුසඳ කලණ


නුබ මිණි තෙදැති එ සුමන සුරිඳුට සොබන
සුබ මෙහසුන් දන්වා අප ඇයැදුමෙන
බඹ මුදුනත යස ගිරවරණ සඳමින
තඹ සිළු මිතුර පවතින් සඟ නෑසියන


ගැඹුරු සකුමඟද කවි නළු සිඳු කිමිදී
මිතුරු නොවන කිවි ගජ සිහ සිරින් බිදී
සොඳුරු අලගිවන් මුකවෙටි නැමැති සුඳී
මියුරු පද රසැති මෙ සැවුල් අස්න යෙදී

(c) Shilpa Sayura Foundation 2006-2017