තරසර සුනිල් මිණි අබරණ බිඟුන් රැඳී
දිගුතර සුරැතැඟිලි දිලි දල පෙළින් සැදී
සුරනර වර තිසර කැල සෙවුනා නිසැදී
සුරවර සරණතල රතකමල සිරි ලදී
සමත සුර නරන් නෙත රසඅඳුන් යුත
දිමුත සුමන සුරිඳුගෙ තුනු සිරි පවත
සතත සවන සුරගුරු ගණි සුරු අනත
අමත මෙ සුර මිසැ අන් කෙ වියත සමත
සබඳ ඒ සුරේන්ද්රයාට මෙ බඳුවූ වාර්තා විශේෂයක් විඥාපනය කරව
නමකළ සුර අසුර - නර නා කිරුළු කෙමි දුළ
වෙසෙස් නිදොස් රතඟිලි පෙත්තෙන් තෙවුන
අපිස් තවුස් හස්කැත් නිත්තෙන් සෙවුන
මුනි සරන සියපත - මදුනත පැළැඳි හැම සඳ
සවන බරණ කළ තෙවළා දහම් කඳ
සුමන සුමන සුරරජු සිරිපද නැමද
පවර මෙ අප මුනිසස්නද සත්ලොව ද
ළතර රාජසිහ නිරිඳු ද මැති ගණ ද
පතර ඇතස්රිය පාබල සෙන් පබඳ
නිතොර රකින ලෙස අයදින් මිතුරු සඳ
සිරිසර මෙ සුරනිඳු සුරතුර වැලැඳි සොඳ
මනහර කප්ලියක මෙන් දිළෙන හැම සඳ
පුවතර බිසෝ දෙවියන් පද කමල වැඳ
සැළකර එක් පසෙකැ සිටැ මෙ පුවත සබඳ