විසුරන ලෙසින් විසිතුරු නවරුවන් රැසක්
අවුණන මෙන් නොයෙක් පැහැයුතු කුසුම් දමක්
සබොවන නළඟනෝ දක්වති වරද නොව මඳක්
නදකොට කිකිණි පුළුලුකුළෙහි සරන් දමා
මනතුට වඩන නළඟන දිවසරන් දමා
පළකොට තුනු රුසිරු කෙළි රඟ වරන් දමා
දුටු විට නොම තිබෙයි තවසර වරන් දමා
ඊසිරි නඳන ලිය මෙන් දිලෙන හැම සඳ
රුසිරි යුතු නළඟනෝ බරතසත ලෙද
බු සැරි අහස් සැරි අග සැරි ලෝ සැරි ද
මේ සිරිමත් රැඟුම් පෙන්වති සුරඹ ලෙද
සොබන නළඹ නෙත්කැන් මියුරු පිලඹළ
සලන සොඳුරු යුවළත කොකවැළ උදුළ
වයන සුද්ද මද්දල නඳ ගොස වතළ
එදින එරඟ ගන කල විලස පළ කළ
තුනු රුසිරින් පසුකළ අසුර නාලිය
මඳ පවනින් ලෙළ දෙන මෙන් කනාලිය
එහි රඟ දුන් රඟ රුසිරු මනාලිය
නත උවිදුන් මිස කවරෙක් වනාලිය
වෙසෙස බරත සතරෙහි හසර නොවිහිද
මෙලෙස ගී රැඟුම් අනතරු වැ එ මැ සඳ
සහස කර කිරණ වන් තෙද යුතු පබද
ත ඇස පුරා දකු එසුමන සුරිඳු සඳ
සුපුන් සිසි කැලුම් මෙන් යසැති නිකසළ
සමන් සුරිඳු සිරසෙහි සැදි රන් කිරුළ
අඳුන් ගිරි මුදුනතෙහි රැඳි පැහැ විසුළ
සුවන් මොනර සිරිසර ලොවට පළ කළ
සුගතිඳු සිරි සරන සර පැළැඳි මුදුනත
පරසිදු සුර රදුගෙ මුළු තෙදියටෙක නෙත
පැහැවිදු රන් පටින් ගෙඩි සොඳුරු නළලත
විදුකිඳු තොර නොවන ගන කුලෙක සිරි ගත
ඉඳුනිල් යටග ලෙළ නිල් දද යුවළ මෙන
පැහැදුල් බැම සඟළ සුර රදුගෙ වොරදන
නෙතුපුල් උපුල් සුසදා තොර නොව කෙළන
මිහිලොල් වැළන් යුවලෙකැ සිරි ගති සොබන