පතග කුල කිරුළග - සුළකළ අග මිණෙක රඟ
රුපු රජ ගජන් එඩි මැඩි කෙසර මෙන් දැඩි
සිරි රජ සිහ රජුගෙ සිරිපද සෙවණැ වැඩි
සව් අවි සිප් සයුරු - රන ගිර ලෙස පමණ දුටු
කණ්ඩා පස ගුරු සෙ විකුමෙන් යුතු නැබළ
බණ්ඩාරනායක තනතුරු ලත් පුවළ
සියකුල කමල විල සුලකළ සෙ හස රද
සුනිමල නානමිබි කුරුප්පු මැතිඳු සඳ
එගිනිල කරන ගරු සැම දෙන සහ පබඳ
සිටිකල සබ කිරණ ඔද කර තරිඳු ලෙද
මිණිඛන් අනැඟි අබරණ දරමින් රුවට
සුරඹුන් සිරින් සැරැසී විත් දෙපසැ සිට
ගනරන් තලි රිදී තලි ගනිමින් අතට
සිරිතින් ආ වඩා ළද'ඟන නැවති විට
මලවුන් කැරැ සරල් දිගු නිල් වරල් බැඳ
නිලුපුල් සදිසි නෙතැ රස'දුන් තනා ඇඳ
සුනිමල් දුහුල් හැඳ තන් අබරණ පැළැඳ
බලලොල් සිතින් එහි රඟ කරන කල් බඳ
බරත සතෙහි පෙර ඉසිවර කී ලෙසට
දෙනෙත යුගත දෙපදෙහි පමණ සරි කොට
සමත තාළ මද්දල ගයට එක් කොට
දිමුත නළඹ රඟ දෙති දිව නළ ලෙසට
ඉගෙන සිතු ලෙසට නිසි කළ බේදය
වයන සුද්ද මද්දල නදට පැදය
හෙළන නඟන අතපය නොව විරෝදය
රඟන නළඹ බල මමිතුර සුබොදය
ගතවර බහුරි රඟ අඟනක වෙයින'ඹල
ඇයවෙර අවට දිසි රඟ විසිරි සළු හෙළ
පැහැසර පද කතා යටියෙන් හෙබි පුවළ
මදසිර උදුල සේසත් විලස පළ කළ