21 වන පරිච්ඡේදය
 

බිඟුකැන් දිගු බැම සියපත් වතිනා
හසපුන් පියොවුරු රතුපුල් ලවනා
සොබමන් ගඟ'ගන කොඳ මල් හසිනා
සතොසින් තොප බලනෙවෛ මින් නෙතිනා


පැන පැන දිය තුළ කොමලඟ උනුනුන
ගෙන ඉසි දල දර උර බිත ගැටෙමින
තන සිළගින් නික්මුණු රඟ කෙළෙසින
හෙන හැලි සිරි කියැලිය ගිරි මුදුනින


මුදුනින් හළ මුහුළස සැඩ පහරින
පැහැසන් කලදෝ සිලිලැග පැතිරෙන
සොබමන් එපුරඟනෝ ගඟ බසිමින
මනමෙන් දිය කෙළියෝ හර සිරි ගෙන


මුතුපටවන් පළ ගෙළ වැලි තල පිට
කෙළ කෙළ උන් කොමළඟනන් දුටු විට
කිරි මුහුදින් පහළ වැ දිසි මන තුට
පබළ කුරන් යයි වැටහේ තසිතට


උවනින් පුන්සඳ රතදර නාලිය
නුවනින් නිලුපුල් ගනිති කනාලිය
මනමෙන් දියකෙළි විලස මනාලිය
නතිඳුන් මිස වෙන කවුරු වනාලිය


රුසිරින් පසු කැරැ සුරඹ ලෙදේයා
සතමන් තුටු කරවමිනි තදේයා
සොබමන් එපුරඟනන් පැහැදේයා
මෙලෙසින් දිය කෙළ නිමුණු සඳේයා


කපුරු සඳන් වන නව පලු තනවමින
පරපුටුසන් සහ බිඟු නද ද හැරගෙන
ගමන පවන් වඳ පහ කැරැ තුනු ගිමන
මිතුර වඩින් එහි වෙහෙරට පළමුවෙන


ගොරසප් දරණ වැඩ හිඳ දම් දෙසු නොමිනා
දියබප් මුනිරජුගෙ දාතු ද කර නිදනා
කිසිලප් නොකොට කරවූ මහපිනැති දනා
දහගප් හිමි නමදු මමිතුර ත මන පිනා

(c) Shilpa Sayura Foundation 2006-2017