මලවුල් කැරැ බඳිමින් නිල් වරලස
රත නිල් වන් ඇඳැ වසමින් මැද දෙස
සිහිලැල් ගඟ පැනැ රත විදුලිය ලෙස
බලලොල් කැරැ දිය දිය කෙළිනා මියුලැස
වන් සඳ දිය කෙළියට පුරැ වරඟන
රන් හස ෆඟ හැරැ ගිය රඟ කෙළෙසින
උන් පියොවුරු සරි නොවැ තද විළියෙන
රන් ගබ සෙවූ වැනි මතු දින වන මෙන
රත් තුඩු පද පබළ කුරෙවි වොරඳන
සිත් හස ගඟ පැළඹෙන රඟ කෙලෙසින
ගත් ගඟ'ගන කෙළනට සහ පුරඟන
රත්මිණි බන් කලදෝ දිය විත් මෙන
වර සුරඹා තුනු රුසිරෙන් පසුබා
පුර පියඹා දුටු දන මන පොලොඹා
සිලිල දොඹා කෙළ රඟ පෑ සසොඹා
මෙන ගනබා ලෙළ විදුලිය කලඹා
සිසිවන් තුඟු බැම නිල් නෙත් පිරිතන
යුතු කත් උඩුකුරු වෙමිනි කෙළිනු යෙන
සියපත් බිගු දැල් නිලුපුල් තිසරුන
නැතිවත් ඇති මෙන් විය ගඟ හැම තැන
මන පිනවන වරඟන උර බිතැ වැද
හෙන දල දර මුඳුනින් සිටි තන සෙද
ගෙන සිටි තුඬඟින් සිය පතකුරු ඇද
රනහස කියැ ලිය සිරි සර පැහැ නද
අඟනන් වතයැයි හැගැ පුල් පියුම් ද
පිපි රන් පියුමැයි හැගැ ළඳ වුවන ද
බිඟු කැන් සහ එහි කෙළනා සළෙළු ද
සැකයෙන් විමසා බලති වෙමින් දද
දුළ පියොවුරු සරිවන රන කුම්බා
පළ වැලි තල උකුලැති එක් අම්බා
අළ ලත කිරි සිඳු හිමි පියුමම්බා
පළ කෙළෙ පත් සිරි සර කලම්බා