19 වන පරිච්ඡේදය
 

මඳ හස පනැදැ මන රා තෙපල සන් කැර
පියොවුරු ගලැ වසා පස යොදමින් පතර
බැම සැවු නෙතු සරින් විදැ සලෙළු මුවසර
පුරසර වන සරන් මෙන් සරති එ නුවර


සොබන දිව සරන් මෙන් රුවිනි මන මඳ
සිටින දෙපසැ වරඟන නෙත් කැළුම් කඳ
යනෙන වේ මැදෙහි සලෙළුන්ගේ ලොබ බැඳ
අඳින සුනිල් දිගු රැහැනෙක විලස් ලද


අදර කර සරණ නවදළ දසන් කොඳ
තඹර වදන කල හස ගමන මන නඳ
පවර රබ බරණ දර අමර සර බඳ
නගර වරැ සරන වරඟන බල සබඳ


මනකල් සමන් සුරිඳුගෙ පසිඳු තෙදියත
තුනුනිල් කෙළුම් පතළා සේ දස දිගත
පුරකල් බඳුන් නෙත් කැන් කිඳු වන් අනත
ඉඳුනිල් මිණි තොරණ රස් පැතිරෙයි දිගත


දනා රඳන යැදි යැදි හට දෙවන දනා
දනා දීප පුරෙවිදෙසි මෙ පුර සිරි නනා
නනා සවන සිදුවන සරසවිය විනා විනා
කවර කිවියර ඇති විලස වනා


ලක ඟන සමන් ගිරි සිරසින් ගොතා හළ
මලිගිය මලින් සැදි වරලස මෙන් උදුළ
එනුවර මැදින් හුණු කලු ගඟ පෙණ විසුළ
සකි සඳ ගොසින් බල සපුරා තමන දොළ


වතළ තරඟ බැම දිය රොන'ලුවෙන් යුතී
නැබළ සළා නැබ නිල් සෙවෙල වරලැති
වෙරළ පුලින තල හර සේ රඳන නිති
ලකළ එ ගඟ උමයඟන සිරි ගති


හිම වතිනා ගෙනැ මල් සුවඳ මුවරඳ
මඳ මඳිනා එන නල පහස වැදැවිඳ
තුනු ගිමනා දැහැ සැනසී සිතු පැහැද
ගඟ සැමනා බල මල් තුරු සිරෙකැ ඉඳ

(c) Shilpa Sayura Foundation 2006-2017