සංසාර සාගරෙන්
දුක් විදින සව්සතුන්
මොක් පුරට දක්වමින්
ලොවට සෙත් මහරුවෙන්
ඒ බුදුන් පා වඳිම්
ඒ වියත් ඒ මහත්
ඒ තිලෝගුරු බුදුන්
ගුණ රැගෙන කී පිනෙන්
මෙයන් මතු ජාතිවල
අපා දුක් නොවිදිමින්
සියළු සැප විඳුවමින්
දිව සැපත් වළඳිමින්
එන මෙතේ බුදු රජුන්
දැක ලබපු විවරණින්
තුන්තරා බෝධියෙන්
එක්තරා බෝධියට
පැමිණි උන්වහන්සේ
ලැබු අමා (මහ) නිවන් සැප
මේ දහම බිනික්මන්
ඇසූ සැම දෙනාටත්
මෙ ලියා කිව් මටත්
නිවන් සැප ලැබේවා !
නිවන් පල ලදින්
නිවන් සිරි විදිත්වා
සිද්ධිරස්තු
සුභ මස්තු