යම් උක්‌තයක් පුරුෂ තුනම විකල්පාර්ථයෙහි හෝ, නොහොත් යන නිපාතයෙන් බැඳෙන කල්හි අඛ්‍යාතය එහි ආසන්න පුරුෂයෙන් යෙදේ.
තාත්තා හෝ නුඹ හෝ මම පංසලට යන්නෙමි.
නංගී හෝ නුඹ හෝ පංසලට යන්නෙහි.
අයියා හෝ අම්මා හෝ පංසලට යන්නීය.
ආඛ්‍යතය බහූ වචන වන අවස්‌ථා සලකා බළමු
තාත්තා හෝ අපි හෝ පංසලට යන්නෙමු.
නංගී හෝ නුඹලා හෝ පංසලට යන්නෙහු.
මහ නිලමේ හෝ උප නිලමේවරු හෝ පෙරහැරේ යන්නෝහු.