15 වන පරිච්ඡේදය
 

වෙරළ හොයළ මුතු බරණින් සැදි පවර
පතළ සළා සක් අවි ලෙළ තරඟ කර
පුවළ අවර දිගු උවිඳුගෙ පුළුලු උර
තරළ මිණෙක සිරි කියෙලිය සහසකර


නිසඟනහන් පැහැසර සර ගණ නිලඹර ද
අට දිගැ තුන් කොපුලත වන් බිගු රොද ද
සැඳැවෙලගින් නෙත් නැගි රුදු කඳඳ
බල මෙලෙසින් සැක යුත් ගන අඳුරු කඳ


සිසි හිමි තම වෙතැ නොලස වැ එන බැබින
නිසි නිසඟන නුබ විමනත සුසදමින
ඉසි අසෙනිය කුසුමන් විලසින් නොමින
දිසි තුරු බල ම මිතුර සිතු ලෙසින


පසන් කැලුම් යුතු පුන් සඳ වටා පත
රැගත් මින් උදය ගිරතින් නිසා කත
ගමන් වැසන දුරු කරනුව නුඹේ ගත
පවන් ගසන මෙන් මඳනල හමා එන


සිරුරු රැසින් හෙළිකරැ දිගු නොතෝරා
රැගෙන අතින් පරසතු මල් මදාරා
පුදට සුරන් යනු එනු නියම නෑරා
සකි සතොසින් බල බැති සිතිනු දාරා


මන නඳ මෙ රජ සිහ රජු තෙදණ නොම මදින
රුපු රද යසස හැරැ දස දෙසැ වතළ මෙන
පිරිසිද කිරණ සහතුරු මකමින් ගුවන
පැහැනද අරුණු රස් වතළේ පෙරැ දිගින


වැලැඳ අරුණු රස් කස වත පෙර'ග ඉසි
නොමඳ ලොවඟනෙහි ගන'ඳර කසළ රැසි
ඇමද එළිකරන ගනරන් මුසුන් ලෙසි
සබඳ කිරණ කිඳු දුළ රිවි බලග රිසි


ලොවැනොමදින් පිරි ගන'ඳුරු දමා දුර
සිය කිරණින් හිරු පැමිණෙත උදාගිර
ලැගි නිවෙසින් නැඟැ තෙරුවන් මෙසේ කැර
මිතර වඩින් දළදා ගෙට මනෝහර

(c) Shilpa Sayura Foundation 2006-2017