බටනිල් වෙලෙහි දෙරණට විදුලිය සසඳ
වටපුල් සා මඩුලු යුතු තුරු පෙළ නොමඳ
ගැටදෙල් ගස මඩමේ මද කලක් ඉඳ
අටලොල් වෙමින් නුබ නැඟ යාගන් සබඳ
පැපත් පුන් සදෙව් නිසි වුවනින් දිළෙන
යාපත් වෙන් ලියෙවි සත සතන පිනවන
රූපත් නන් කොමළ අඟනන් නිති රදන
බෝපත් නෙත් යව සිතුසේ සොඳ ලෙසින
දිලෙනා වුවනතින් පළ කැරැ අමා කර
කෙළෙනා සොඳුරු කොමළඟනන් උමා යුර
හමනා පවන විදැ තුනු ගිම් නිවා හැර
වඩනා මැනැවි දැකැ අස් ගම් මහ සයුර
පුලා සිටිය පියයුරු යුග කරඩු සමා
කලා සිටිය සුරඟන සදිසි මන රමා
බලා සිටිය හොත් වෙයි තොප ගමන පමා
තලා පිටිය පසු කරැ යව නොවී පමා
වෙනේ සුපිපි මල් රොන් සහ බිඟුන් සර
ගෙනේ හමන නල විඳැ තුනු ගිමන් හැර
ම!නේ රි පිටියා වැබ්ලෙන් බැසැ පතර
මෙසේ සතොස සපුරා යාගන් මිතුර
කමල සැටිය වත දිගු නිල් නෙත් පෙටිය
තිසර පැටිය විලසින් යුග තන සිටිය
ගමඹුසිටිය මද යුදයට වෙමිනටිය
මිලිලවිටිය බල තොස කැරැ යුග දිටිය
උදු ළිය සඳ කිරණ හිමි පිට හුණු ලෙසට
සුදු වැලි අතළ වැලි මළුයෙන් සැදි සුමට
රුදු නත දරණ යුරු පව්රෙනි යුතු අවට
වදු ම මිතුර දෙල් ගමු වෙහෙර ලැගුමට
පවර තුඟු අවර ගිට කිර රද විපුල
අඹර ලිය ලැහැබැ රැඳි දිනිඳු බිඹු පල
පතර සඳවලා තුඩිනැ දැ රැගත් කල
මිතුර ලගින් එහි තරු සිරෙකැ මලවල