පෙර ඉසිවර වදහළ ගමනට සුබද
සර සිය දින හත නැකතින් රැසෙහි සඳ
සුර ගුරු කිවි බුද සබලවැ උදා සඳ
වර මුනි ගුණ සිහි කැරැ වඩනේ සබඳ
මනරඟ රඟා දෙන දනවිප් වැඩ කැමති
සිටැළඟ දිගා දෙන වෙද මතුරෙන් පැවැති
කොමළඟ රඟා එන පවසමිනි ජය තුති
පෙරමඟ මඟා යන සකි මේ සුබ නිමිති
පවර අදිකාරි සහ සෙබෙහි හැම දෙන
සතර අගතියෙන් වැළකී ඉඳැ යෙහෙන
ගැඹර අදිකරණ විමසා පසිඳැලන
මෙපුර වීදියෙහි මහපාය දැනැගෙන
විපුල් තාළ සත දැනැ නැණිනි නිකසළ
ළකල් පසඟ තුරු නද වැයුමෙහි හසළ
නිමල් එ පන්සිළු තුල් නළ රැඳි විපුළ
මගුල් විදියෙන් යාගන්නැ කෙළ කෙළ
සුවිපුල් විකුම්සිහ මහමැති තුමා සොඳ
එකතුල් එ හරසෙල් කොටැ කැරවු පබඳ
වසුවිල් විටෙහි මහ මඩම ද දැකැ සබඳ
තිතැලොල් වඩා නුබ නැගෙමින් යව මෙ සඳ
වලග කර සතර පද රහසඟ ය යන
සතග දෙරණ සු පිහිටි තුඟු දළ දුළන
මතග කැලන් සිටිනා ඇත්හල නොමින
බලග මිතුර තොප යන වම් පසැ පෙනෙන
සයුරත් මෙරත් යුගකෙළ වෙරළ පැනගෙන
වෙතැපත් වෙතත් නවතත් වත් වන බෙලෙන
කඩු කොත් පළඟ දුනු වෙඩි ගත් සෙන් රඳන
යවසිත් ලෙසින් ගැට සැත්තේ කඩවතින
පැයෙන් ඔප නගා ලූ රන් රූ සිරින
රූපන් සරා සර මෙන් දන මන බඳින
යෝනන් බලා තොප යන පෙරමඟැ සිටින
යාගන් මින් වානෙන් තොස ළ පුරමින