සිරිත් ලෙසින් පෙර නිරිඳුන් හට පැවැති
මහත් ඇතුන් සහ අය පඬුරු ගෙනැ රුති
ඇවිත් වන්නි දසටින් වන්නිවරු නිති
යුගත් මුදුන් දී එහි වැඳැ වැඳැ සිටිති
තිරසර නැණ නැවින් තෙර පත් සන් මුහුද
නොවිතර කිවිවරුන් මෙ නිරිඳු නමට බැද
මනහර ගැඹුරු විරුදාවලි කවි පබද
පුවතර වැදිගණන් පවසා නැවැති සද
මෙලෙස සිව් සිරින් සැදි සබයට පවර
පිවිස තසිත බුහුමන් වඩමින් අදර
තිදස හිමි සදිසි රජු පද කමල වර
සතොස සිතෙහි සපුරා වැඳැ ගෙන'වසර
සව සිරි පිරි එපුර වරඟනෙන මන නඳ
දෙවි රජ විමන් තන යුගතුරෙහි ගිලි සොඳ
එව් නිල වසා රොද ගඟනෙතරවැ පැහැද
දෙවි විමනෙහි රඟ වහසල තුළට වැද
වයිරව සිටි අසුර සෙන් ජයගෙනැ නොමඳ
කයිරව සිය සදිසි යසසින් යුතු පබද
බයිරව කෝවිලට වදිමින් සිතු පැහැද
වයියව සබඳ නරඹා එහි රැඟුම් පුද
දියරම් රවුළු යුද මහ බාරත යුදද
මනරම් කඳ කුමර පෙර කළ දිත් යුදද
ඇතිහිමි කොටැ ඇඳැ සිතුවම් රූ නොමද
නොවැහිමි සතොස පිරි ළෙන් දැකැ ගොස් සබඳ
ඉසිවර කී වදන් සත විදි අඩු නොකැර
තුනුකර කිරිය කැරැ පිරිසිදුවැ ගේදොර
පුවතර ගුරුවරන් පුද කැරැ නැවති වර
මමිතුර බැතින් වැදැ හරඟන විමන් තුර
පවර තුඟුතුල් හිම-ගිරි රජ හට නදන වන
බස'රුත් ලෙසින් වෙන් නොවමින් හැම දවස
සසඳර බරණ වෙතැ රඳනා නිති තිදොස
තුන්යමෙහි ගත් තුන් - වෙසින් තුන්ලොවැ පරසිඳු
නමකළ සුර කිරුළු කෙමි රතැඟිලි දලින
සුලකළ සිරි සරණ සිය පතිනි වොරඳන
පියුම් යොන් උවිදු හර සක් ඇ පවර
නොහිමි සුරන්හට වර වර දෙන නිතොර
උතුම් ගුණෙන් යුතු හරඟන හට පවර
ළපෙමි වෙමින් නම කැරැ රැගෙනැ අවසර
හැමකල් සිදු විදුදර'ඟන කෙළෙන සොඳ
හිමසෙල් සිරින් දිසි ලෙළ රන් රිදි ඳඳ
තුඟුතුල් විසල් වාසල් පළ මුදුනැ නඳ
පැහැදුල් කලෙදො සුඟු සිරි පෑ මදක් ඉඳ
![](/sayura/images/logo2.png)