11 වන පරිච්ඡේදය
 

බරමි මුව පහළ සිවු වේ විදි ලෙසට
සකමි විදිය නො වරද කරන හැම විට
උතුම් පෙරෙවි විප් මුළු මුල් වු සෙතට
නොහිමි වැ පවසති ආ සිරි වදන් සිට


ඉගෙන අදි කරණ සහ රජ නීති සත
රකින ලොව සතන් විලසින් ඒ තම නෙත
සොබන මහ ඇමතිවරු පරසිදු දියත
බැතින වඳැ සිටිත් මුදුනතැ තබා අත


මහත සයුර දිය සහ පස් මුළු දෙරණ
නිසිත නැණින් දැනැ කළ මෙතෙකැයි පමණ
දියත වචන වහසල මුක වෙටිටි ගණ
සිටින සුපුන් සිසි කැන් මෙන් සබ කිරණ


ගැඹුරු සකු මගද හෙළු දෙනළෙහි පුරුදු
සොඳුරු සඳ ලකර වියරණ දත් කිවිඳු
මියුරු අරුත් යොදමින් කවි බැඳැ විරිඳු
අතුරු නොවැ කියති සබතුරෙහි නරනිඳු


නානා රුපුන් ගෙනැ විකුමෙන් නිසඟ
ගානා තෙදග රඟ කුඹු තලැ දිගු මතඟ
සේනා නායක මැතිවරු පසෙහි යුග
පීනා සිටිති හිමිපද නිය කිරණ ගඟ


සයුරට වදින හෝ විලස පළ කැර
නිසිපට සළු කපුරු කස්තුරු සඳුන් හර
නෙකරට වලෙහි නිරිඳෝ පුද පඬුරු කැර
මොනවට සිටිති මුදුනත් දී කරතඹර


මහත් ගැඹරතර සමුදුරට මන රඟ
නුමුත් වැ වැඳැ සිටිනා වඩ දියක් රඟ
සමත් බලැති සිරිලක මහසෙන් සමඟ
සිටිත් මලල දෙළුවර නන්දෙසැ සෙනඟ


සිටු මැති සෙනෙවි ඈපා මාපා නමැති
ඉටු ගුණ නැණින් යුතු මැතිගුණ මහ පිනැති
පටු නොවු අදර බැති පෙම් වඩ වඩා රුති
තුටු මන් පුරා වැඳැ වැඳැ නැඟි නැගී යෙති

(c) Shilpa Sayura Foundation 2006-2017