10 වන පරිච්ඡේදය
 

විදු කිඳු අයුරු පැහැ විදි රන් කොත් පැළැඳි
පිරිසිදු සිනිඳු පළ හෙළ උඩු වියන් බැඳි
සුර සිදු බඳ වු මුදු සුදු තිර අවට සැදි
පැහැවිදු කනා මිණිවැට පහණින් වොරැදි


පැහැදුල් විසිතුරු තුරු පෙළිනි බබළන
ගන නිල් අඹර සිරි පෑ හැම වරෑ දිළෙන
ළද කල් ඉසි අසෙනිය මලිනි වොරදන
ඉඳුනිල් මිණි බිමින් යුතු දැන මන බඳන


නන් විසිතුරු පහ සිරිවමියගෙ පවර
දුන් කොකුමඟර පියොවුරු සිරිනි මනහර
සන්තොස වඩන දුටු දන මන නෙත් නොහැර
රන්මිණි කලස් සිය ගණනින් සැදි පවර


වටින් ලඹා දෙන මුතු ලැල් නිති නොමින
රුවන් පබා අලු කැරැ දිගත පැතිරෙන
සුදම් සබා යුරු සුර පුරය හොබවන
පසන් සබා මඩුවෙහි සතොස වඩවන


අග රජ කිරුළු - පෙර ගිරි හිසිනුදා වන


සුනිමල් දිමුතු මුතුලැල් තුරු පෙළිනි යුත
සිහිලැල් සේ රැසින් හෙළි කළ නෙදිගු බිත


පද රද කර තඹුරු - මුකුලිත කර මැ වොරදන


සන්සුන් සුපුන් සඳවන් සේසතෙයි යට
නන් රන්කමින් බබළන සහසනේ පිට


සුවන් ගිරි දෙපසැ හැලි සිරින් සොඳ
ළඳුන් දුන් සුපිරිසිදු සෙමෙර නල විද
ලෙවන් හට සුරිඳු සිරි පළ කැරැ නොමඳ
තොසින් මෙ අප රජසිහ නිරිඳු උන් සඳ


රුදු විරිදුන් ජය ගෙනැ විකුමෙන් පබඳ
සරන මෙතුන් ලක වට කිරුළිස පැළැඳ
සුර කුමරුන් වැනි රජ කුමරුවෝ සොඳ
සිටිති මුදුන් දී මෙ නිරිඳුගෙ සිරි පද


රිවිබඳ තෙද අනල පත් වු ඔහු නිමල
මනනද සොළී පඬු කේරළ නිරිඳු කැල
හිමිපද නිය කිරණ ගඟ ගිලෙමින් තුමුල
වැඳැ වැඳ සිටිති මුදුනත් දී කර කමල

(c) Shilpa Sayura Foundation 2006-2017